OpenAI හි ChatGPT සාර්ථක ලෙස භාවිතා කිරීම අගය කරමින් ගූගල් ප්‍රධාන විධායක නිළදාරී සුන්දර් පිචායි පවසන්නේ ලෝකය දැන් AI වැළදගැනීමට සූදානම් වන බවයි. එසේම ඔවුන් විසින් OpenAI හී ChatGPT සාර්ථක වීමත් සමග ඉදිරි මාස වලදී ඉක්මනින්ම ඔවුන්ගේ Chatbot ද නිකුත් කිරීමට සූදානම් වෙලා ඉන්නවා.
ඉදිරියේදිම ගූගල් විසින් තම නව චැට්බෝට් තාක්ෂණය මහජනතාවට නිකුත් කිරීමට සැලසුම් කරමින් ඉන්නවා. ඒ අනුව ඔවුන් විසින් ප්‍රශ්නවලට සංවාදාත්මක සහ සත්‍ය පිළිතුරු සැපයීම සදහා LaMDA ලෙස හදුන්වන තාක්ෂණය Google search සදහා ඉදිරියේදී භාවිතා කිරීමට නියමිතයි. එසේම ඔවුන් මෙම තාක්ෂණය Gmail සහ Docs වැනි වෙනත් නිෂ්පාදනවලට ඒකාබද්ධ කිරීමටත් කටයුතු කරනවා.
LaMDA යනු Google හි සංවර්ධනය වෙමින් පවතින විශාල භාෂා ආකෘති දෙකෙන් එකක් වන අතර අනෙක් භාශා ආකෘතිය PalM ලෙස හදුන්වනවා. කොහොම වුණත් google විසින් මීට පෙර LaMDA හි හැකියාවන් ලෝකයට පෙන්වා තිබුණත් පසුව මෘදුකාංග ඉංජිනේරුවෙකු විසින් laMDA chatbot එකට හැගීම් දැනීම් ඇති බවට අමුතු ප්‍රකාශයක් කීරිමත් සමග බොහෝ දෙනා අතර මේ පිළිබදව මතභේදයක් ද ඇති වුණා.
source:-











Leave a Reply
View Comments