AI යොදාගෙන ලියන ලද අකුරු සහ මිනිසුන් විසින් ලියන ලද අකුරු අතර වෙනස හදුනා ගැනීම සදහා OpenAI සමාගම විසින් පුහුණු කරන ලද classifier tool එකක් නිකුත් කරලා තියෙනවා.
AI written text සම්පූර්ණයෙන්ම හදුනාගත නොහැකි වුවත් OpenAI විශ්වාස කරන්නේ අවම වැරදි ප්රමාණයක් සමගින් AI written text සහ human written text අතර වෙනස හදුනා ගැනීමට classifier tool එකට හැකියාව ඇති බවයි.
කොහොම වුණත් ඔවුන්ගේ classifier tool එක තවමත් විශ්වාසදායක නොමැති බව සදහන් කරමින් OpenAI පවසන්නේ ඔවුන්ගේ ඇගයීම්වලදී OpenAI classifier එක AI-written text වලින් 26%ක් නිවැරදිව AI -written text ලෙසම හඳුනාගෙන ඇති අතර, human- written text 9% ක් AI – written text ලෙස වැරදියට සදහන් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ආදානය කරනු ලබන text එකෙහි දිග වැඩි වන තරමටම මෙම classifier එකෙහි නිවැරදිබව වැඩිදියුණු වන අතර ඔවුන් පවසන්නේ මීට පෙර නිකුත් කරන ලද classifier එක හා සසදන විට මෙම නවතම classifier එක වර්තමානයේ තිබෙන AI system සදහා සැළකිය යුතු ලෙස සාර්ථක බවයි.
classifier එක භාවිතා කරන්න










Leave a Reply
View Comments