එලොන් මසක් විසින් එය මිනිස් අත්හදා බැලීම් සදහා සුදානම් බව පැවසීමත් සමග Neuralink කතාව මැතකදි ඉතා ජනප්‍රිය මාතෘකාවක් උනා.
මේක ආගන්තුක මාතෘකාවක් නොවන්නේ මස්ක්ට පෙරද විවිද සමාගම් මේ සදහා දැරූ උත්සහයන් නිසායි.
ඒ අනුව පසුගිය වසරේ, Synchron විසින් FDA අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රථම වරට එක්සත් ජනපදයේ මිනිසෙකු තුළ මොළය-පරිගණක අතුරු මුහුණතක් බද්ධ කරනු ලැබුවා.
එලෙසම ඔක්තෝම්බර් මාසයේදී, මොළය-පරිගණක අතුරුමුහුණත් මත වැඩ කරන තවත් සමාගමක් වන Axoft මෘදු, නම්යශීලී ද්රව්ය වලින් සාදන ලද උපකරණයක් තැනීමට ඩොලර් මිලියන 8ක් රැස් කරනු ලැබුවා.
ඒවගේම පසුගිය වසරේදී එලොන් මස්ක් ගේ neuralink සමාගම වදුරකු තම මනසින් පිංපොං සෙල්ලම් කරන වීඩියොවක් බෙදාගෙන තිබුනා
දින කිපයකට පසු ඔහු ප්‍රකාශ කලේ මේ තාක්ෂනය මිනිසුන් තුල අත්හදා බැලිය හැකි බවත් ඇල්සයිමර් හා පාකින්සන් ඇතුලු මොලයේ රෝග රැසක් සුව කල හැකි බවයි.
Monkey MindPong https://t.co/7zstTZ1X1w pic.twitter.com/GYrYNsJ68u
— Neuralink (@neuralink) April 8, 2021
ආරම්භය
මස්ක් වසර හයකට පෙර the Brain Control Interfaces හි ආරම්භය වන Neuralink සමාගම ආරම්භ කලා. සමාගම විසින් පුද්ගලයෙකුගේ මොළයේ තැන්පත් කළ හැකි තාක්‍ෂණය ගොඩනඟමින් සිටින අතර එමගින මොලය උත්තේජනය කිරීම මෙන්ම මොලයේ ක්‍රියාකාරීත්වය වාර්තා කිරීම පවා කල හැකි වනවා.
එහි ප්‍රධාන අරමුණ වුයේ මොලයේ තැන්පත් කරන චිපයක් මගින් දුරස්ථ උපාංග අතර සම්බන්ධතාවය පවත්වන චිපයක් නිර්මාණය කිරීමයි.
කාසියක ප්‍රමාණයෙන් යුක්ත නියුරලින්ක් චිපය නිර්මාණය කර ඇති අතර ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් විසින් රොබෝ තාක්ෂණය භාවිතයෙන් ශල්‍යකර්මයක් මගින් එය මොළයට ඇතුළත් කිරීමට නියමිතයි.
සම්බන්ධ කිරීමෙන් පසුව මෙම උපාංගය ස්මාර්ට් ෆෝන් සහ පරිගණක ක්‍රියා කිරීමට භාවිතා කළ හැකි අතර ඒ සදහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) අනුමැතිය ලබා ගත් පසු පරීක්ෂණ පැවැත්විමට නියමිතයි.
Neuralink ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?
මිනිස් මොළය හා තාක්ෂණය අතර සම්බන්ධයක් ලෙස භාවිතා කළ හැකි මෙය ප්‍රධාන වශයෙන් මෙය මානව ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් වනවා නොඅනුමානයි.
මෙයින් අදහස් කරන්නේ අංශභාගය ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ මොළයෙන් කෙලින්ම තම දුරකථනය සහ පරිගණකය පහසුවෙන් ක්‍රියා කළ හැකි බවයි.
චිප්සෙට් වයර් මගින් මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට සහ මොළය විද්‍යුත් වශයෙන් උත්තේජනය කිරීමට හැකි වනවා.
පාකින්සන් සහ ඇල්සයිමර් වැනි දරුණු ස්නායු රෝග තත්ත්වයන් වඩාත් හොඳින් අධ්‍යයනය කිරීමට සහ ප්‍රතිකාර කිරීමට Neuralink වැනි වැඩිදියුණු කළ ස්නායු අතුරුමුහුණත් තාක්ෂණය භාවිතා කළ හැකි අතර 2019 දී මස්ක් පැවසුවේ Neuralink මගින් අනාගතයේදී “මොළය ආශ්‍රිත රෝග බොහොමයක් විසඳිය හැකි” බවයි
අභියෝගයන්
මස්ක් මීට පෙර පැවසූයේ මෙය කෙලින්ම මිනිසා වෙත ඇතුල් කර අවධානමක් නොගෙන සතුන් සමගින් පරික්ෂා කරන බවයි. ඒ අනුව
මස්ක්ගේ සමාගම වඳුරන් මත තම චිප් පරීක්‍ෂා කිරීම නිසා වදුරන් නීතිවිරොධී ලෙස භාවිතා කල බවත් ඔවුන්ට දැඩි ලෙස පීඩා කල බවට චෝදනා එල්ල වුනා.
බිස්නස් ඉන්සයිඩර් වාර්තාවකට අනුව, සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායමක් එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ වඳුරන් “ප්‍රමාණවත් සත්ව රැකවරණයක් නොමැතිකම සහ අත්හදා බැලීම් අතරතුර අධික ආක්‍රමණශීලී පර්යේෂණාත්මක හිස් බද්ධ කිරීම් හේතුවෙන් දැඩි දුක් විඳීමට” ඇති බවයි.
Neuralink සතු වඳුරන් 23 දෙනාගෙන් අට දෙනෙකු පමණක් පරීක්ෂණවලින් බේරී 2020 දී Neuralink පහසුකමකට මාරු කළ අතර 15 දෙනෙක් මිය ගිය බව කණ්ඩායම කියා සිටියා.
අමතර
මීට අමතරව, මස්ක් පැවසුවේ තම සමාගම ප්‍රධාන නිෂ්පාදන දෙකක් සඳහා ද කටයුතු කරමින් සිටින බවයි –
එය සුෂුම්නාව තුළට යා හැකි බද්ධ කිරීම් සංවර්ධනය කරමින් අංශභාගයෙන් පෙළෙන අයෙකුගේ චලනය යථා තත්ත්වයට පත් කළ හැකිය.
අනෙකනම් මිනිස් පෙනීම වැඩිදියුණු කිරීමට හෝ යථා තත්ත්වයට පත් කිරීමට සිදු කරන අක්ෂි බද්ධ කිරීමක් බවයි.











Leave a Reply
View Comments