Categories

සබ්මැරීනයක් බවට පත් විය හැකි ඩොලර් මිලියන 25 වටිනා nautilus

යාත්‍රා නිශ්පාදක සමාගමක් වන U-Boat Worx විසින් සබ්මැරීනයක් බවට පත් විය හැකි ඩොලර් මිලියන 25 වටිනා සුඛෝපාභෝගී යාත්‍රාවක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මුහුද යට ගවේශණය කරන්නන් වගේම මෙම යාත්‍රාවේ ගමන් කිරීමට කැමැති පුද්ගලයින්ද එක සමානවම මෙම යාත්‍රාවට ආකර්ශණය විය හැකි බවයි.

මොනොකෝ යාත්‍රා ප්‍රදර්ශණයේදි එළිදක්වන ලද ටොන් 1,250ක් සහිත මීටර් 37.5ක් උස මෙම nautilus හට දිය මත නෞකාවක් ආකාරයටද දිය යට සබ්මැරීනයක් ආකාරයටද ගමන් කිරීමේ හැකියාව පවතිනවා. එසේම මෙම Nautilus යාත්‍රාව පිටත sun deck එකක්,freshwater pool එකක්, bar එකක් වගේම dining table එකක්ද තිබෙන අතර ඇතුළත, කෑම කාමරයක්, විවේකාගාරයක්, බ්ලූප්‍රින්ට් ප්‍රධාන කුටියක්, අමතර කාමර හතරක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සදහා නිදන කාමර ද සමන්විත වෙනවා.

nautilus හී දිය මතුපිට වේගය knots 9ක් වන අතර දිය යට වේගය knots 4ක් වනවා. එසේම මෙම යාත්‍රාවට එක වරකට දින 4ක් දක්වා දිය යට රැදී සිටිය හැකියි.

U-boat work nautilus හී මිල  යුරෝ මිලියන 25 කින් ( ලංකා මුදලින් බිලියන 9ක් ) ආරම්භ වන අතර මාස 30 ඇතුළත ඇණවුම් සූදානම් කරන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

 

source

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.