Categories

පර්‍යේශකයන් විසින් නියුමෝනියාව සදහටම තුරන් කරන swimming microbots නිපදවයි

පර්‍යේශකයන් විසින් මීයන්ගේ පෙනහළුවලින් මාරාන්තික නියුමෝනියා ආසාදන සාර්ථකව තුරන් කළ හැකි  swimming microbots නිපදවා තිබෙනවා. ඒ අනුව ආසාදිත මීයන් සුව කිරීමට මෙම microbots හට 100%  හැකි වී තිබෙනවා. පර්‍යේශකයන් පවසන්නේ මීලග පර්‍යේශණ මගින් එය මිනිසුන් තුළ ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරන්නේ නම් ලගදීම මිනිසුන් සදහාත් එය භාවිතා කළ හැකි බවයි.

බැක්ටීරියා සමග සටන් කරන මෙම මයික්‍රොබොට් සෑදී තිබෙන්නේ වලිග දෙකක් සහිත සජීවී ක්ෂුද්‍ර ඇල්ගී වලින් වන අතර ඒවා තරල මාධ්‍ය හරහා පිහිනීමට උපකාරී වෙනවා. විද්‍යාඥයන් විසින් මෙම ඇල්ගී,  කුඩා ප්‍රතිජීවක සහිත නැනෝ අංශු වලින් ආවරණය කර තිබෙන අතර ඒවා පෙනහළු හරහා හරහා පිහිනන විට පෙනහළු පුරා බැක්ටීරියා විනාශ කරන රසායනික ද්‍රව්‍ය ස්‍රාවය කරනු ලබනවා.

පර්යේෂකයන් විසින් මීයන් දුසිම් දෙකකට Pseudomonas aeruginosa බැක්ටීරියාව ආසාදනය කර තිබෙනවා. පසුව මෙම ආසාදිත මීයන්ගෙන් අඩකට මයික්‍රොබෝට් මාත්‍රාවක් ලබා දී තිබෙන අතර සතියක් ඇතුළත මීයන් සියල්ල සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. එහෙත් ප්‍රතිකාර නොකළ අනෙක් මීයන් රෝගය ආසාදනය වී දින තුනක් ඇතුළත මිය ගොස් තිබෙනවා.

වර්ථමානයේදී නියුමෝනියා රෝගීන්ට ප්‍රතිජීවක සමඟ ප්‍රතිකාර කරන්නේ අභ්‍යන්තර (IV) එන්නතක් හරහා වන අතර එමඟින් ඖෂධය කෙලින්ම රෝගියාගේ රුධිරයට ලබා දෙනවා. නමුත් ප්‍රතිජීවක ඖෂධ රෝගියකුගේ රුධිර ප්‍රවාහය හරහා පෙනහළු වෙත ගමන් කිරීමට විශාල කාලයක් ගත වෙනවා. මෙය අසාධ්‍ය රෝගින් සදහා විශාල ලෙස බලපාන බවද, එහෙත් නවතම microbots මගින් නිවැරදිව අදාල ඉලක්කගත ස්ථානයට කෙලින්ම ප්‍රතිකාර කළ හැකි බවත් පර්‍යේශකයන් ප්‍රකාශ කරනවා.

source

Livescience

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.