Elon musk පසුගියදා ට්වීට් කලේ ටෙස්ලා සමාගම නිශ්පාදනය කල වාහන මිලියන 3 සීමාව පසු කල බවයි. එලෙසම එයින් වාහන මිලියනයක්ම නිපදවා තිබුණේ චීනයේ ෂැංහයි කම්හලෙන්.
මේකෙ විශේෂත්වය වෙන්නෙ චීනයෙ කොවිඩ් වසාදැමීම් නිසා වසර දෙකකට වැඩිකාලයක් වාහන බෙදාහැරීම් වල අඩුවක් දක්නට තිබූ කාලයක මාස දෙකක් ඇතුලත මෙම සීමාවට ලගාවීමයි.
කර්මාන්තශාලා සේවකයින් මෙම සන්ධිස්ථානයට පැමිණීම සමරන ඡායාරූපයක් සමඟින් මස්ක් ට්ටීට් කලේ මිලියනයේ මොටර් රථය නිපදවීම පිලිබදව ෂැංහයිට සුභපැතුම්. ටෙස්ලා දැන් මිලියට 3 පසුකර තිබෙනවා. යනුවෙන්.
Congrats Giga Shanghai on making millionth car! Total Teslas made now over 3M. pic.twitter.com/2Aee6slCuv
— Elon Musk (@elonmusk) August 14, 2022
එලෙසම කැලිෆෝනියාවේ ටෙස්ලාගේ ෆ්‍රෙමොන්ට් කම්හල සිය මිලියන දෙකක වාහනය නිපදවා ඇති බව සතිකීපයකට පෙර හෙලිකර තිබුණා.

ටෙස්ලා සිය Q2 ඉපැයීම් ජූලි මාසයේදී වාර්තා කළේය. අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ සමාගම වාහන 254,695ක් නිපදවා ඇති අතර එය 2021 දෙවන කාර්තුවේදී නිපදවූ වාහන 201,250 ට වඩා 26% ක වර්ධනයක් සනිටුහන් කරයි. පෙර කාර්තුවේ (Q1 2022) වාහන 310,048 ක් නිපදවා තිබුණි. ටෙස්ලා ඩොලර් බිලියන 2.26 ක ශුද්ධ ලාභයක් ද වාර්තා කර ඇති නමුත් කාර්තුවෙන් කාර්තුවට 31.5% ක පමණ අඩුවීමක්ද වාර්තා වී තිබෙනවා. එලෙස Q1 හි ආදායම ඩොලර් බිලියන 18.7 සිට Q2 හි ඩොලර් බිලියන 16.9 දක්වා අඩු වී තිබුණි.
මිලියන 3සීමාව පසුකරත් ටෙස්ල ලොව විශාලතම මොටර් රථ නිශ්පාදක ලැයිස්තුවෙ තරමක් පහලින් සිටින්නෙ. ඉන්දියාවෙ ටාටා ලැයිස්තුවේ 19වන තැන සිටින අතර ජපානයේ සුසුකි 21 වන ස්ථානයේ සිටිනවා. පලමු තැන සිටින ටොයෝටා 2021 දී තම නිශ්පාදන මිලියන 10 පසු කර තිබෙනවා.
Source – Techspot










Leave a Reply
View Comments