Categories

NASA කල ප්‍රකාශයට චීනය විරුද්ධ වෙයි

බීජිං අභ්‍යවකාශ වැඩසටහන “මිලිටරි” අභ්‍යවකාශ වැඩසටහනක් බව US space agency හී administrator වන Bill Nelson විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව චීනය විසින් තමන්ගේ අභයවකාශ මෙහෙයුමට NASA හී නිළදාරියෙකු කළ මෙම ප්‍රකාශයට විරුද්ධ වී තිබෙනවා.

මීට පෙර, බිල් නෙල්සන් බිල්ඩ් පුවත්පතට ප්‍රකාශ කළේ චීනය සිය හමුදා අභ්‍යවකාශ වැඩසටහනේ කොටසක් ලෙස සද අත්පත් කර ගැනීමට සිටින බවයි .

මේ නිසා මාධ්‍ය හමුවක් ද අමතමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ප්‍රකාශ කර සිටියේ නාසා ආයතනය කරුණු නොසලකා චීනයට මඩ ගසන බවත් එසේ කළ පලමු අවස්ථාව මෙය නොවන බවත් ය. එසේම සමහර එක්සත් ජනපද නිළදාරීන් වෙනත් රටවල අභ්‍යවකාශ සම්බන්ධ කරුණු පිළිබදව නිතරම මඩ ගසන බවත් චීනය එවැනි දේ සදහා දැඩි ලෙස විරුද්ධ බවත් ඔහු කියා සිටියා.

එසේම ෂාඕ ප්‍රකාශ කලේ US aerospace department හී අධ්‍යක්ශක ලෙස නෙල්සන් එක්සත් ජනපද අභ්‍යවකාශ වැඩසටහනේ අඳුරු ඉතිහාසය, අභ්‍යවකාශයේ ආයුධ පිළිබදව සහ ගෝලීය යටපත් කිරීමේදී එක්සත් ජනපදය ඉටු කර ඇති ඍණාත්මක කාර්යභාරය පිළිබඳව ඉතා දැනුවත් විය යුතු බවයි.

චීනයේ අභ්‍යවකාශ ගවේෂණය රටේ ආර්ථිකය, සමාජය, විද්‍යාව සහ තාක්‍ෂණය සහ ආරක්ෂාව යන නීත්‍යානුකූල අවශ්‍යතා සපුරාලන බවත් ඔහු අවධාරණය කරනු ලැබුවා.

ෂාඕ එක්සත් ජනපද නිලධාරියාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රධාන රටක් ලෙස වගකීම් අවංකව ඉටු කරන ලෙසත්, අභ්‍යවකාශයේදී එක්සත් ජනපද පාර්ශ්වයේ මතභේදාත්මක වචන සහ ක්‍රියාවන් බැරෑරුම් ලෙස සමාලෝචනය කර නිවැරදි කරන ලෙසත්, අභ්‍යවකාශයේ තිරසාර සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා නිසි දායකත්වයක් ලබා දෙන ලෙසත්ය.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.