Categories

Whatsapp වලින් අනතුරු ඇගවීමක්..

whatsapp හරහා දිනකට massages බිලියන 100කට වඩා යවනු ලබනවා. whatsapp වල තිබෙන සරල බව නිසාම විශාල ප්‍රමාණයක් whatsapp භාවිතා කරනු ලබනවා.

එහෙත් whatsapp විසින් අනතුරු ඇගවීමක් සිදු කරමින් පවසන්නේ ඔබ නීති රීති වලට අනුකූළ නොවන්නේ නම් ඔබගේ ගිණුම අත් හිටුවන බවයි. ඒ අතර පණිවිඩ විශාල ප්‍රමාණයක් යැවීමත් ඇතුළත්.

whatsapp විසින් පවසන්නේ ” bulk massages” නොයැවිය යුතු බවයි. bulk massages කියන්නේ පුදගලයෙක් හෝ කණ්ඩායමක් එකම massage එක විශාල ගණනක් පුද්ගලයෙකුට හෝ බොහෝ දෙනෙකුට යැවීමයි.

ඒ වගේම ඔයාගෙ whatsapp ගිණුම අත්හිටුවිය හැකි වෙනත් නීති කඩ කිරීම් වලට වෙනත් පුද්ගලයින් ලෙස පෙනී සිටීම හා වෙනත් පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීම ඇතුළත්. පුද්ගලයින් ඔබගේ massage report කරනු ලැබුවොත් ඔයාගෙ whatsapp ගිණුම අත්හිටුවන බව ඔවුන් පවසනවා.

එසේම whatsapp පවසන්නේ ” කරුණාකර මතක තියාගන්න, අප ඔබගේ ගිණුම අත්හිටුවීමට පෙර අනතුරු ඇගවීමක් සිදු කරන්නේ නැත, ඔබගේ ගිණුම වැරදීමකින් අත්හිටුවා ඇත්නම් කරුණාකර අපව e mail හරහා සම්බන්ධ වන්න” ලෙසයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.