Categories

AMAZON COMPANY HISTORY

?????? කියන්නේ අන්තර්ජාලය පදනම් කරගත් විශාල ව්‍යාපාරයක්. ඒවගේම මොවුන් පොත්,සංගීත,චිත්‍රපට, ගෘහ උපකරණ,ඉලෙක්ට්‍රොනික උපකරණ,සෙල්ලම් බඩු සහ තවත් බොහෝ භාණ්ඩ නිශ්පාදනය කරනු ලබනවා.

1994දී හිටපු wall street hedge අරමුදලේ විධායක නිලධාරියෙක් වූ Jeff Bezos Amazon.com සමග සම්බන්ධ වුණා. ඉංග්‍රීසි හෝඩියේ පළමු අකුරෙන් ආරම්භ වන නිසාත් දකුණු ඇමරිකානු ගංගාවක් සම්බන්ධ නිසාත් Amazon යන නම තෝරගත්තා.

බේසෝස් නිගමනය කරේ අන්තර්ජාලය හරහා පොත් විකිණීම තාර්කික නිශ්පාදනයක් වනු ඇති බවයි. එහෙත් මෙය සිදු කළ පලමු සමාගම Amazon නෙමේ. 1991දී sillicon valley book store එහි සිටම පාරිභෝගිකයන්ට පොත් විකිණීම ආරම්භ කර තිබුණා.කොහොම උනත් Amazon වල අරමුණ වුණෙ ඕනෑම පොතක්,ඕනෑම පාඨකයෙකුට,ඕනෑම තැනකට ලබා දීමයි.

කෙටි කාලයකදී Amazon.com වේගයෙන් වර්ධනය වුණා වගේම 1996 දෙසැම්බර් වෙද්දි customer accounts 180,000කට ලගා වුණා. අවුරුද්දකට පසුව 1997 ඔක්තොම්බර් මාසයේදී එහි customer accounts ගණන 1,000,000 දක්වා ඉහළ ගොස් තිබුණා. එහි ආදායම 1996දී ඩොලර් මිලියන 15.7 සිට 1997දී ඩොලර් මිලියන 148 දක්වා ඉහළ ගියා වගේම 1998දී ඩොලර් මිලියන 610 කරා ලගා වුණා.
ඇමසෝන් හී සාර්ථකත්වය නිසාම එහි ආරම්භකරු ජෙෆ් බේසෝස් TIME සගරාවේ 1999 වසරේ පුද්ගලයා බවටද පත් වුණා.

ඇමසෝන් සමාගම අනිකුත් අංශ වලද වේගයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා.1998දී සංගීත සහ වීඩියෝ අලෙවිය ආරම්භ වුණා.එම වසරේදිම එය එක්සත් රාජධාණිය සහ ජර්මනියේ අන්තර්ජාල පොත් අලෙවිකරු අත්පත් කරගැනීමෙන් පසුව ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කලා.
1999 වෙනකොට සමාගම ඉ/උපකරණ,වීඩියෝ ක්‍රීඩා,මෘදුකාංග,නිවාස වැඩි දියුණු කිරීමේ අයිතම,සෙල්ලම් බඩු, සහ ක්‍රීඩා උපකරණ වගේම තවත් බොහෝ දේ විකුණමින් සිටියා.

එම වර්ධනය පවත්වා ගැනීම සදහා පුද්ගලික ආයෝජකයින්ට වඩා පුළුල් කිරීමට අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් විදියට 1997 මැයි මාසයේදි Amazon.com පොදු සමාගමක් බවට පත් වී ඩොලර් මිලියන 54ක් NASDAQ වෙළදපලේ රැස් කරනු ලැබුවා.

බේසෝස් නිතරම කිවුවේ amazon.com කියන්නේ සිල්ලර වෙළදපලක් නොව තාක්ශණික සමාගමක් කියලයි.2002දී සමාගම amazon web services (AWS) නිකුත් කරනු ලැබුවා. එසේම amazon.com හී ප්‍රතිවාදීන් වන netflix පවා AWS භාවිතා කරනු ලබනවා.

2007 දී ඇමසෝන් තමන්ගේම kindle e – readers විකිණීමට පටන් ගත්තා වගේම ඒක e book වෙළදපලට ශක්තියක්ද වුණා.
2011දී ඇමසෝන් සමාගම විසින් low cost tablet comouter එකක් ද හදුන්වා දෙනු ලැබුවා.

ඇමසෝන් විසින් kindle හදුන්වාදීමත් සමග පොත් ප්‍රකාශකයන් සහ ඇමසෝන් අතර ගැටළු හට ගත්තා.නව මුද්‍රිත පොත් විකුණන මිලටත් වඩා පහළ ස්ථාවර මිලකට නව විද්‍යුත් පොත් විකිණීමට ඇමසෝන් හට අවශ්‍ය වූ නිසා ප්‍රකාශණ කර්මාන්තයෙන් බොහෝ පැමිණිලි ලැබී තිබුණා.

2009දි සමාගම සිය පළමු ප්‍රකාශණ මාලාව වන Amazon encore හදුන්වා දෙනවා. එමගින් පුද්ගලයින් හට තමන්ගේම විද්‍යුත් පොත් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ලැබුණා.
ඒ වසරේදි ඇමසෝන් නිවේදනය කරේ kindle e book සියළුම මුද්‍රිත පොත් අභිබවා යන බවයි. ඒ වන විට බොහෝ පොත් ප්‍රකාශකයින් ඇමසෝන්.කොම් හී අලෙවියෙන් සැලකිය යුතු ආදායමක් ලබා ගෙන සිටියත් සමාගම විසින් තව දුරටත් ප්‍රකාශකයින් පොත් අලෙවිකරුවෙක් ලෙස නොසැලකුවා වගේම ඔවුන්ගේ කර්මාන්තයේ ප්‍රධාන තරගකරුවෙක්ද වුණා.

ඒ වගේම 2017දී ඇමසෝන් විසින් supermarket chain whole foods markets.InC මිලදී ගැනීමට එකග වූ බවට නිවේදනය කරනු ලැබුවා ඩොලර් බිලියන 13කට වැඩි වටිනාකමකින් යුතු ගනුදෙනුවකදීයි…..

??? ??? ????

*එකසත් ජනපද වැසියන්ගෙන් අඩක් පමණ ?????? ????? ??????????ලා වේ.

*ඇමසෝන් විසින් 2017දී භාණ්ඩ මිලියන 5කටත් වඩා ????? සමග නැව්ගත කර ඇත.

*?????? ???????? සිදු කරන සහ ඩොලර් 150,000 හෝ ඊට වැඩි ආදායමක් සහිත ඇමරිකානුවන්ගෙන් 70%කට ?????? ????? ?????????? ඇත.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.