Categories

WhatsApp Android Beta සදහා Global Media player එකක් එකතු කරයි

පසුගිය මාසයේදී whatsapp විසින් එහි iOS සහ desktop යෙදුම් සදහා global media player එකක් එකතු කරනු ලැබුවා. මෙයින් පරිශීලකයින්ට  conversation  තුළ ඇති audio files මෙන්ම voice note  වාදනය කිරීමට පහසුකම සලසනවා. මේ වෙනකොට  whatsapp විසින් android WhatsApp බීටා භාවිතා කරන්නන් සඳහාද global media player එකක් නිකුත් කිරීමට පටන් ගෙන තිබෙනවා.

WhatsApp WABetaInfo හි මෑත වාර්තාවකට අනුව , WhatsApp මෑතකදී Google Play Beta වැඩසටහන හරහා Android beta v2.22.7.11 නිකුත් කරනු ලැබුවා. මෙම බීටා අනුවාදය සමඟින්, WhatsApp විසින් ඇන්ඩ්‍රොයිඩ් හි global media player එක් කරලා තිබෙනවා.
මෙම media player එක මගින් ඔබට chat හෝ වෙනත් conversation වලට ප්‍රවේශ වන අතරතුර එක් chat එකක් තුළ ඇති voice notes සහ audio files වලට  සවන් දීමට ඉඩ සලසනු ලබනවා.

මෙම global media player එක දැනට තෝරාගත් beta පරිශීලකයන් හට ලබාදී තිබෙනවා. සියලුම පරිශීලකයින්ට විශේෂාංගය නිකුත් කිරීමට පෙර ඉදිරි දිනවලදී සමාගම එය තවත් බීටා පරීක්ෂකයින් සඳහා සක්‍රිය කිරීමටද බලාපොරොත්තු වෙනවා.

මෙම global media player එක play/pause buttons වලින් සහ  එය close කිරීම සදහා  “X” විකල්පයද සමග පැමිණෙනවා. මෙය iOS තුල වගේම whatsapp තුළ ඉහලින්ම දිස්වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.