නමුත් අවාසනාවකට වගෙ Vanced දැන් ඒකෙ මෙහෙයුම් කටයුතු නවත්තන්න සුදානම් වෙලා තිබෙනවා.
Vanced හි සංවර්ධකයින් මෑතකදී ඔවුන්ගේ නිල ටෙලිග්‍රෑම් හා Twitter වෙත “නීතිමය හේතූන් මත” යෙදුම අත්හිටුවන බව නිවේදනය කර තිබුණා.
Vanced has been discontinued. In the coming days, the download links on the website will be taken down. We know this is not something you wanted to hear but it's something we need to do. Thank you all for supporting us over the years.
— Vanced Official (@YTVanced) March 13, 2022
වැන්සෙඩ් සංවර්ධකයින් පවසා තිබුනේ “එය අප විසින් කළ යුතු දෙයක්” යන්න පමණි. කෙසේ වෙතත්, The Verge වෙත පවසා තිබූ පරිදි, Vanced හිමිකරුවන්ට Google වෙතින් ඉවත්වීමේ ලිපියක් ලැබී ඇත. මෙයට හේතුව පසුගිය වසරේ YouTube හි සියලුම වීඩියෝ සඳහා දැන්වීම්-රහිත වීඩියෝ, පසුබිම් නැවත ධාවනය සහ Dislike counter වැනි YouTube premium හි විශේෂාංග මෙම යෙදුම සතුව තිබීම විය හැකිය.
එවැනි විශේෂාංග ලබා ගැනීමට වාරික ගාස්තුවක් අය කරන YouTube හි නිල platform එක මෙන් නොව Vanced විසින් මෙම විශේෂාංග නොමිලේ පිරිනමනු ලබයි.
සමාගම මෑතකදී එහි නම “Vanced” ලෙස වෙනස් කර එහි වෙළඳ නාමයෙන් සහ එහි වෙබ් අඩවියේ සහ සමාජ වේදිකාවල බොහෝ ස්ථානවලින් YouTube moniker ඉවත් කළේය. නමුත් අවසානයේදී, එය Google හි නීතියට යටත් විය!
සංවර්ධකයින් සඳහන් කළේ දැනට ස්ථාපනය කර ඇති Vanced අනුවාදයන් සුපුරුදු පරිදි දිගටම ක්‍රියා කරන බවයි. කෙසේ වෙතත්, පරිශීලකයින්ට තවදුරටත් යෙදුම සඳහා යාවත්කාලීන කිසිවක් නොලැබෙනු ඇත. එබැවින් ඉදිරි වසර දෙක තුළ එය දැනට සිටින පරිශීලකයින් සඳහා යල් පැන ගිය එකක් වනු ඇත.
ඔබ දැනටමත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Vanced ස්ථාපනය කර ඇත්නම්, ඒවා පවතින තුරු අදාල පහසුකම් ලබාගත හැකිය.










Leave a Reply
View Comments