Categories

SHANGHAI, CHINA - JUNE 30: (CHINA OUT) A young boy plays Sony's Playstation 2 video game system at the 2005 Shanghai Animation FairJune 30, 2005 in Shanghai, China. China has a population of 370 million children and young people, making up a huge audience for cartoons and animation. Currently, 90 percent of the market is dominated by foreign producers from Japan and the U.S., with the largest share going to Japan. Most domestic cartoons are criticized for being old-fashioned and lackluster due to little originality in story and characters, dryness of content and persistent educational flavor. (Photo by China Photos/Getty Images)

කුඩා දරුවන් පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීම වැලැක්වීමට සාර්ථක මෙවලමක් හදුන්වා දෙයි.

චීනෙ කියන්නෙ පරිගණක ක්‍රීඩා වලට ලමුන් ඇබ්බැහි වීම වැලැක්වීමට ප්‍රමුඛත්වයෙන් ක්‍රියා කරන රටක්.
2019 දි ඔවුන් කුඩා දරුවන් රාත්‍රීයේ අධික ලෙස ක්‍රීඩා කිරීම වැලැක්වීමට “anti- addiction” හෙවත් ඇබ්බැහි- විරෝධී රෙගුලාසි සම්මත කරනු ලැබුවා.
එමගින් 18ට අඩු ඕනම පුද්ගලයකුට ක්‍රීඩා කාලය හා ක්‍රීඩා මිලදී ගැනීම සීමා කරලා තිබෙනවා.
ඒ අනුව 18ට අඩු ක්‍රීඩකයන්ට රාත්‍රී 10 සිට උදෑසන 8 දක්වා ක්‍රීඩා කිරීම නීතියෙන් සීමා කර ඇති අතර සතියේ දිනවල පැය 1.5 කටත් සති අන්ත නිවාඩු දිනවල පැය 3කටත් ක්‍රීඩා කාලය සීමා කර තිබෙනවා.

එසේ නිතීන් සම්මත වෙද්දි චීනයේ ගේමින් සමූහයක් වන ⁣Tencent , රාත්‍රී කාලයේ කුඩා දරුවන් පරිගණක ක්‍රීඩා වල නියැලීම වැලැක්වීමට උපක්‍රමයක් හදුන්වලා දීලා තිබෙනවා.
මෙහිදී Face recognition මගින් පුද්ගලයකු 18ට අඩුදැයි හදුනාගෙන ඔවුන් රාත්‍රී හා තහනම් කාලවලදී ක්‍රීඩා කිරීම වලක්වනු ලබනවා.

සමාගම මේක හදුන්වන්නෙ “Midnight patrol” ලෙසිනුයි. ප්‍රධානම අරමුණ වෙන්නෙ 18ට අඩු පුද්ගලයින් ක්‍රීඩාවට ඇබ්බැහි වීම වැලැක් වීමයි.
මෙහිදී සෑම පුද්ගලයෙකුටම Face recognition සිස්ටම් එකට අනුකූල වෙන්න සිද්ද වෙන අතර මෙවලම මගින් පුද්ගලයන්ගේ මුහුණු විශ්ලේෂනය කරමින් බාලවයස් කාරදැයි හදුනා ගැනීමට ඩේටා බේස් එකක ගබඩා කර ඇති ඡායාරුප හා දත්ත සමග ගැලපීමක් කරනු ලබනවා.

මෙයට කලින් විවිද උපක්‍රම භාවිත කර කුඩා දරුවන් තහනම් කාලවලදී ක්‍රීඩා කර ඇති නිසාම Midnight patrol සිස්ටම් එකෙන් තහනම් කාලවලදී මෙන්ම රාත්‍රී කාලයේ කුඩා දරුවන් ක්‍රීඩා කිරීම වැලැක්වීමට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙනවා.

එමගින් face recognition ප්‍රතික්ෂේප කරන හෝ එය අසමත් වන ඕනැම අයෙකු බාල වයස්කරුවකු ලෙස සලකා ඉවත් කරනු ලබනවා.

මෙම Midnight patrol ක්‍රමය දැනටත් චීනයේ ක්‍රියාත්මක වන අතර එයට Honor of king , peace Elite, හා තවත් ගේම්ස් 60 ක් පමණ ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම ඉදිරි දිනවලදී අනිකුත් ක්‍රීඩාද මෙයට එක් කිරීමට සමාගම සැලසුම් කර තිබෙනවා.

චීනයේ ලමයින්ට මෙය අපහසු දෙයක් වුවත් අනෙක් පැත්තට ඇබ්බැහි වීම වැලැක්වීමට ගත් බුද්ධිමත් පියවරක් වෙනවා.
කොහොම උනත් Face recognition එකේදි විශේෂයෙන් ලමයින් ගැන කතාකරද්දි පෞද්ගලිකත්වයක් තිබෙනවා. ඉතින් ටෙන්සන්ට් මේ පිලිබදව වගකීමකින් කටයුතු නොකෙරුවහොත් බරපතල පසුබෑමකට සමාගම මුහුණ දීමට සිද්ධ වනු නොඅනුමානයි.