පරිගණක ආරක්ශණ දිනය ආරම්භ වෙන්නෙ 1988දී.පරිගණක සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබ්බ කාලයෙදී ඒවා නිවෙස් තුල පරිපූර්ණ දෙයක් නොවූනත් 1980 දශකය පරිගණක,රජයේ සහ පෞද්ගලික කටයුතු වගේම අන්තර්ජාලයේ මුල් අවධිය වුණා.
මුල් අවධියේ ඉදලම hacking සහ virus නිසා පරිගණක බැංකු සහ ව්‍යාපාර සදහා විශාල ලෙස අවදානම් පැවතුණා.
පරිගණක වගේම සර්වර්ස් වල ගබඩා කරලා තියෙන අතිශය වැදගත් දත්ත හැකර්වරුන්ට විශාල වටිනාකමක් ඇති දෙයක් වුණා. මෙවැනි ඉහළ ආරක්ශණ උල්ලංඝනය වීම් නිසාම දශකය අවසානයේ මාර්ගගත ආරක්ශාව වැදගත් කරුණක් බවට පත් වුණා.මේ නිසා පරිගණක ආරක්ශාව පිලිබඳ දැනුවත් කිරීම සදහාම පරිගණක ආරක්ශණ දිනය නිර්මාණය කරනු ලැබුවා.
පරිගණක ආරක්ශණ දිනය සමරන්නේ කොහොමද…?
පරිගණක ආරක්ශණ දිනය සැමරීම සදහා හොදම මාර්ගය තමයි ඔබේ පරිගණකය, ඔබේඋපාංගය සහ cloud තුල ඇති දත්ත සියල්ලම ආරක්ශිත බව තහවුරු කිරීම. අන්තර්ජාල ආරක්ශාව සදහා ඔයා කල යුතු ඉතා වැදගත් දෙයක් තමා ශක්තිමත් මුර පදයක් යෙදීම සහ නිරන්තරයෙන් ඒවා යවත්කාලීන කිරීම. මේ නිසා ඔයාගෙ පුද්ගලික දත්ත වැරදි කෙනෙකුට යාමේ අවදානම අඩු වෙනවා.
ශක්තිමත් මුරපදයක් සදහා ලොකු සහ පොඩි අකුරු,ඉලක්කම්,සංකේත මිශ්‍ර වචනයක් භාවිතා කරන්න පුලුවන්. (උදාහරණයක් විදියට CYBERyakku@2030 වගේ)
ඒ වගේම තමා play store තුල password manager app විශාල ප්‍රමාණයක් තිබෙනවා(last pass)ඔයාට මේවා භාවිතා කරල ඔයාගෙ පාස්වර්ඩ් මැනේජ් කරගැනීමේ හැකියාව තියෙනවා.
spyware සහ malware protection software යවත්කාලීන කිරීම මගින්ද පරිගණක ආරක්ශණ දියන සමරන්න පුලුවන්.
ඔයා ලග outdated windows xp සහ Vista OS සහිත පරිගණකයක් නම් තියෙන්නේ අවදානම ගොඩක් විශාලයි.මේ නිසා ඔයාගේ මෙහෙයුම් පද්ධතිය update කරගන්න.
ඒවගේම තමා ඔයා ගාව තියෙන Data encripted කරලා backup කිරීම මගිනුත් පරිගණක ආරක්ශණ දිනය සැමරීමට පුලුවන්. ඔයාගෙ දත්ත cloud තුල,USB devices තුළ හෝ hard drive තුළ ගබඩා කරගන්න පුලුවන්.
ඉතින් පරිගණක ආරක්ශණ දිනය සැමරීමේ ක්‍රම විශාල ප්‍රමාණයක් පවතිනවා. මේ සියල්ලෙන්ම අදහස් කරන්නේ ඔයාගේ අන්තර්ජාල පෞද්ගලික ආරක්ශාව තහවුරු කිරීමයි.
Written by chamika sahan samarakoon











Leave a Reply
View Comments