Categories

සුප්‍රසිද්ධ Electronic Arts සමාගමට හැකර් ප්‍රහාරයක්..

FIFA,Madden,Sims හා Medal of Honor ඇතුලු ජනප්‍රිය විඩියෝ ගේම් රැසක නිෂ්පාදකයා වන සුප්‍රසිද්ධ Electronic Arts සමාගම Hack වී තිබෙනවා.

සමාගම මේ පිලිබදව විමර්ශනය කර ඇති අතර
Game Source Code හා Tools සොරකම් ඇති බවට නිවේදනය කර තිබුනා.
සමාගම නිලධාරින් සමග සාකච්චා කර ඇති අතර ඔවුන් කියා සිටියේ ක්‍රීඩක දත්ත වලට කිසිදු බලපෑමක් නොමැති බවයි.
ජනප්‍රිය පාපන්දු ක්‍රීඩාවක් වන FIFA හි වැදගත් Source Code එකක් මෙන්ම
Gaming creation engine එකක් වන Frostbite එකට අදාල දත්තද සොරකම් කර තිබෙනවා
සයිබර් අපරාධ බුද්ධි සමාගමක් වන ඉන්ටෙල් 471 විසින් පැවසුවේ හැකර්වරුන් විසින් ගිගාබයිට් 800ක් පමණ දත්ත ප්‍රචාරය කර ඇති බවයි.