Categories

නෙට්වර්ක් කේබල් එකෙන් Computer දෙකක් අතර පොඩි වෙලාවකින් ඕනතරම් ෆයිල් share කරමුද?

5 Easy Ways to Transfer Files Between Computers on the Same Network

නෙට්වර්ක් කේබල් එකෙන් Computer දෙකක් අතර පොඩි වෙලාවකින් ඕනතරම් ෆයිල් share කරමුද?

  • නෙට්වර්ක් කේබල් එක ගැන හැමෝම දන්නවනෙ.මේක තව නමකින් කිව්වොත් RJ45 Cable එක.එහෙමත් නැත්තන් ඉතිම් කෙටියෙන්ම කිව්වොත් ඔයාලගෙ රවුටර් වකට එන කේබල් එක.මේකෙන් කොහොමද ෆයිල් ශෙයා කරන්නෙ ?

මේ විදිහට File Share කරන්න ඔයාල ලග මේ දේවල් දෙක තියෙන්න ඕන.

1.Computers දෙකක්

2.Network Cable එකක්

  • ඔයාගෙ රවුටර් එකෙන් Computer එකට මේ කේබල් එක හරහ ඉන්ටනෙට් එනවනම් ඒ කියන්නෙ එතනත් සිද්ද වෙන්නෙ Transfer වීමක්. ඉතිම් මෙතනත් අපි කරන්න හදන්නෙ Transfer කිරීමක් තමා.
  1. Step 1

ඔයාගෙ ලග තියෙන නෙට්වර්ක් කේබල් එක PC දෙකට Connect කරන්න.

  • Step 2

දැන් physically Device දෙක Connect වෙලා තියෙන්නෙ. දැන් Computer එක ඇතුලෙන් අපි Connect වෙන්න ඕන. පහලිත් තියෙන විදිහට මේ Step ටික ඒ විදිහටම කරන්න.

  • Control Panel Open කරගන්න.

  • Network and Internet Open කරගන්න.
  • Click “Network and Sharing Center”
  • Click “Change Adaptor Settings”
  • දැන් ඔයට networks තුනක් බලාගන්න පුලුවන් – Public, Private and All Network. මෙතනදි අපි recommend කරන්නෙ “All Networks“ තෝරගන්න
  • දැන් පහල පින්තූරෙ තියෙන විදිහට Arrows වලින් පෙන්නල තියෙන්න විදිහට

File sharing on කරල, “Password Protection Off” කරල “save changes දෙන්න.

  • Computers දෙකේම මේ මුල් Step දෙක කරන්න ඕන.
  • Step 3 – Setup Static IP
  • දැන් PC දෙකෙම Network Sharing On වෙලා නිසා ip address Setup කරගමු. IP Address ගැන නොදන්න කෙනෙක් ඉන්නවනම් ip address ගැන අපි ලිපියක් දාල තියෙනව ඒක කියවන්න. පහලින් තියෙන විදිහට Step ටික කරගෙන යන්න.

  • පහලින් තියෙන පින්තූරෙ ඔයාලට බලාගන්න පුලුවන්

Connections :Ethernet කියල පෙන්නනව.ඒකෙන් තමා ඔයාලගෙ Computers දෙක Connect වෙලා තියෙන්නෙ කියල. Ip Address  Setup කරගන්න “Ethernet” උඩ Click කරන්න.ඉට පස්සෙ පහල පින්තුරෙ විදිහට “Properties” Click කරන්න.

  • “Properties Click කරාම ඔයාලට පහල තියෙනව වගේ Windows එකක ඔපන් වෙයි.ඒකෙන් “Internet Protocol Version 4(TCP/IPv4) Select කරල “Properties” Click කරන්න.
  • PC දෙකම මේ Step එකට එනකන් කරන්න

PC 1 – උඩදි අපි Properties Click කරාම මේ පහලින් තියෙන විදිහට Windows එකක් Open වෙයි. පලවෙනි Computer එක මේපහල විදිහට ip address දීල  Setup කරගන්න.

  • IP Address: 192.168.1.1
  • Subnet mask: 225.225.225.0
  • Default gateway: 192.168.1.2
  • DNS Server: 8.8.8.8

PC 2 – ඔයාගෙ පලවෙනි Computer එක උඩ් විදිහට හදල Settings Save කරගත්තම පලවෙනි Computer එකේ වැඩ ටික ඉවරයි.දැන් මේ පහල තියෙන විදිහට දෙවෙනි Computer එකේ ip address ටික හදාගන්න.

  • IP address: 192.168.1.2
  • Subnet mask: 225.225.225.0
  • Default gateway: 192.168.1.1
  • DNS Server: 8.8.8.8
  • දෙවෙනි Computer එකෙත් මෙහෙම ip address හදාගෙන Save කරල හදාගත්තම දැන් සම්පූර්නයෙන්ම වගේ වැඩේ අවසානයි.ඔයාලගෙ PC හරියට Connect වෙලානම් මේ පහල පින්තූරෙ විදිහට PC අනිත් කෙනාගෙ PC එක පෙන්නයි.
  • පහලින් තියෙන Step ටික කලාම ඔයාගෙ PC එකෙ තියෙන කැමති පාටිශන් එකක් අනිත් Computer එකේ පෙන්නයි.එතකොට ඒ PC එකට ඔයාගෙ PC එකේ  Files දාගන්නත් පුලුවන් වගේම. ඒ PC එකෙන් ඔයාගෙ එකට Files දාගන්නත් පුලුවන්.
  1. ඔයාට Share කරන්න ඕන Partition එකේ Properties යන්න.දැන් Sharing උඩ click කරන්න.
  • Click on “Advanced Sharing”
  • Tick mark එකක් දාන්න “ share this folder “ එකට
  • Click on “Permissions”
  • කහ පාටින් ලකුරු කරල තියෙන තුනට ටික් මාක් එක දාන්න.
  • Click on “ Add”
  • Click on “Advanced”
  • Click on “ find now”
  • Everyone කියන එක ඔය ලිස්ට් එකේ මැද හරියක තියෙනව ඒකෙන් Everyone Select කරල Ok දෙන්න.
  1. දැන් අපි හදාගත්ත Settings ටිකෙ ok කරගෙන යන්න.

  • මේ විදිහට Settings ටික හදාගත්තම අනිත් PC එකේ PC එක මේ පහල තියෙනව වගේ පෙන්නනව. මේක ඇතුලට ගියාම ඔයා Share කරපු Partition එක බලාගන්න පුලුවන්.ඉට පස්සෙ ඉතිම් ඔයාට ඕන තරම් Files Share කරගන්න පුලුවන්.


Imesh Akalanka