ජංගම දුරකථනවල “බාලවයස්කරුවන්ට සිදුවන ලිංගික අපචාර” සම්බන්ධ තොරතුරු ඇත්නම් ඒ ගැන හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් ඇපල් ජංගම දුරකථන සඳහා හඳුන්වල දීලා තිබෙනවා.
අමෙරිකාවෙහි “ඇපල් අයි ෆෝන්” භාවිතාකරන්නන් සඳහා මෙය මුලින් හඳුන්වා දීමට එම සමාගම කටයුතු කරමින් ඉන්නවා.
ඒ අනුව අයි ෆෝනයක “iCloud Photos” හි අදාළ ඡායාරූපය ගබඩා කිරීමට ප්‍රථම, නව ක්‍රමවේදය මගින් එම ඡායාරූපය “ළමා ලිංගික අපයෝජනය” හා සම්බන්ධ දැයි සොයාබැලෙන අතර එවැන්නක් පිලිබද සැක පල වුවහොත් හෝ ලමා අපචාරයක් හා සම්බන්ධනම් එම ජංගම දුරකථනය හිමි පුද්ගලයා ගැන නීති අංශ දැනුවත් කිරීමට ඇපල් සමාගම කටයුතු කිරීමට නියමිත වනවා.
ඒ වගේම පුද්ගලයින්ගේ දුරකථන වල ගබඩා කර ඇති වෙනත් පෞද්ගලික තොරතුරුද එමගින් සමාගමට විවෘත වන බවට සමහරුන් මත පල කරනු ලබනවා.
විශේෂඥයින් පවසන්නේ ඒකාධිපති ආණ්ඩු තම රටවැසියන් ගැන ඔත්තු සෙවීමට එම නව මෙවලම භාවිත කිරීමට ඉඩ ඇති බවයි.
මේ වසරේදී නිකුත් කිරීමට නියමිත අයි ෆෝන් සහ අයිපෑඩ් සඳහා නව මෙවලම අන්තර්ගත වන බවද සමාගම පැවසුවා.











Leave a Reply
View Comments