මයික්‍රොසොෆ්ට් කියන්නේ ඇමරිකානු බහුජාතික පරිගණක තාක්ශණ සමාගමක්.මේක ආරම්භ වුනේ 1975 වසරේ අප්‍රේල් 4 වන දිනයි. හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අත හැරලා දාපු බිල් ගේට්ස් සහ ඔහුගේ කුඩා කල මිතුරා වුණු පෝල් ඇලන් විසින් නිශ්පාදනය කරපු මයික්‍රොසොෆ්ට් සමාගම මේ වෙනකොට ලෝකයේ වටිනාම සමාගමක් වෙලා ඉවරයි.

- මයික්‍රොසොෆ්ට් මෙතරම් සාර්ථක වුනේ කොහොමද…?
1975 ජනවාරි වල ඇල්ටෙයාර් ගනුදෙනුව බිල් ගේට්ස් සහ පෝල් ඇලන් විසින් මයික්‍රොසොෆ්ට් පිහිටුවන්න හේතුවක් වුනා.1975 වසරේදි මොවුන්ගේ ආදායම වුනේ ඩොලර් 16,000ක්.
දිග විවේකයකට පස්සෙ 1980දී මයික්‍රොසොෆ්ට් IBM සමග හවුල්කාරිත්වයක් ඇති කරගත්තා වගේම එහි ප්‍රතිඵලයක් විදියට මයික්‍රොසොෆ්ට් විසින් IBM Computers සදහා මෙහෙයුම් පද්ධතියක් වෙන ඩොස් ලබා දෙනු ලැබුවා. එයින් අදහස් කලේ විකුණන සෑම IBM COMPUTER එකක් සදහාම මුදලක් මයික්‍රොසොෆ්ට් වෙත ගෙවන බවයි.
1990දී WINDOWS 3.0 හදුන්වාදීමත් සමග මයික්‍රොසොෆ්ට් වල ඉදිරි ගමන වඩාත් පැහැදිලි වුනා.මේ වෙද්දි වින්ඩොව්ස් පිටපත් මිලියන 60 පමණ විකුණමින් පරිගණක මෘදුකාංග ප්‍රමිතියේ ප්‍රධාන පාලකයා වෙන්නත් මයික්‍රොසොෆ්ට් හට හැකියාව ලැබුණා.

1990දි මයික්‍රොසොෆ්ට් ප්‍රධාන වශයෙන් දෘඩාංග නිශ්පාදකයින්ගේ සැපයුම්කරුවෙක්.ඔවුන්ගේ ඉලක්ක වෙළදපල උනෙත් ඒක.තාක්ශණය දියුණු වීම හා පෞද්ගලික පරිගණක ජනප්‍රිය වීමත් එක්ක මයික්‍රොසොෆ්ට් ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයා ගත්තේ පාරිභෝගික විකුණුම් වලිනුයි.මොවුන් විසින් ඩොලර් බිලියන 1ක ආදායමක් ලබාගත් ප්‍රථම සමාගම බවටත් පත් වුණා.
2007දී විස්ටා මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය ජනතාව වෙත මුදාහරිනු ලැබුවා.විස්ටා වල home(basic/premium),ultimate,bussiness ආදී විකල්ප කිහිපයක් තිබුණා.මෙහෙයුම් පද්ධතිය වේගවත්,ස්ථාවර හා ආරක්ශාකාරී නිසාම වෙළදපල තුළ වැඩි කැමැත්තක් තිබුණේ WINDOWS XP සදහායි.
මයික්‍රොසොෆ්ට් විසින් මෘදුකාංග වෙළදපලේ ප්‍රමුඛත්වය ලබාගත් විට WINDOWS VISTA වෙනුවට WINDOWS 7 2009දී නිකුත් කරනු ලැබුවා.පසුව tablet computer වල පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සදහා මෙහෙයුම් පද්ධතිය සහ පරිශීලක අතුරුමුහුණතේ විශාල වෙනස්කම් ඇතුළත් WINDOWS 8 2012 ඔක්තොම්බර් මාසයේදී නිකුත් කරනු ලැබුවා.
මයික්‍රොසොෆ්ට් ජංගම දුරකථන වෙලදපලටත් පිවිසුනා වගේම විශාල වෙලදපල කොටසක් අත්පත් කරගනු ලැබුවා.
2001 දී මයික්‍රොසොෆ්ට් සමාගම XBOX සහ 2002 දී XBOX LIVE නිකුත් කරනු ලැබුවා.මේ දෙකම ඉතා සාර්ථක වුණා වගේම මෙය වීඩියෝ වෙලදපලේ දෙවන ස්ථානයටත් පත් වුණා.

2005දී නිකුත් කරපු XBOX360 දැඩි තරගකාරිත්වයකට මුහුණ දීම නිසා මයික්‍රොසොෆ්ට් සමාගමට එයාලගේ කොන්සෝලවල මිල අඩු කිරීමට සිද්ද වුණා. මෙහි සාර්ථක ප්‍රතිපලයක් විදියට XBOX360 ඇමරිකානු නිවාස වල වැඩිපුරම භාවිතා කරන ක්‍රීඩා කොන්සෝලය බවට පත් වුණා.,
මයික්‍රොසොෆ්ට් 2011දී SKYPE අත්පත් කරගනු ලැබුවේ ඩොලර් බිලියන 8.5කටයි.මේක මයික්‍රොසොෆ්ට් ඉතිහාසයේ විශාලතම අත්පත් කරගැනීම වුණා වගේම ඔවුන් මේක අත්පත් කරගත්තේ ඇපල් ෆේස් ටයිම් සහ ගූගල් වොයිස් සමග තරග කිරීමටයි.

මයික්‍රොසොෆ්ට් සමාගම තම නිශ්පාදන වන outlook,xbox සහ වින්ඩෝස් ස්මාර්ට් දුරකථන සදහා ස්කයිප් එක් කරන්න සැලසුම් කරනු ලැබුවා.
2011දී WORD සහ EXCEL ඇතුළත් office bussiness software එකක් වන OFFICE 365 නිකුත් කරනු ලැබුවා..

මේ වෙද්දි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති windows 10 සහ ඉදිරියට වින්ඩෝස් 11 පැමිණෙන්න තිබෙනවා. බිල් ගේට්ස් එදා ආරම්භ කරපු MICROSOFT සමාගම මේ වෙනකොට ලෝකයේ විශාලතම මෘදුකාංග සමාගම බවට පත් වී අවසානයි.











Leave a Reply
View Comments