
Razer විසින් AI මත පදනම් උන සූර්ය බලයෙන් ක්‍රියා කරන සාගරය පිරිසිදු කිරීමට රොබෝවෙක් නිපදවන්න සමත් උනා.
සෑම වසරකම ලොව පුරා සාගරහා මුහුදේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11කින් පිරිලා යනවා.ඉතින් මේ ගෝලිය ගැටලුව විදහා දක්වමින් හා ජල මූලාශ්‍ර වලට තව දුරටත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වීම වැලැක්වීමට Razer, Clearbot සමග හවුල්කාරිත්වයකට එලබෙමින් සාගර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීමට ජල ඩ්‍රෝන් යානයක් නිපදවන්න කටයුතු කරලා තියනවා.
ඉතින් 2022 වෙනකොට අපද්‍රව්‍ය ටොන් 100 ඉවත් කිරීමේ ඉලක්කය සපුරගන්න Clearbot රොබෝවරුන් සංවිධානය කරමින් ඉන්නවා වගේම මෙ සදහා ගේමින් ඉන්ඩ්රස්ටි එකේ ජනප්‍රිය නාමයක් වන Razer හවුල් කරගෙන තියෙනවා.
Clearbot ට අනුව රොබෝ යතුරු පුවරුවේ ඇති සෙන්සර් කැමරා හා විෂන් AI තාක්ෂනය යොදාගනිම්න් ජලයේ ඇති අපද්‍රව්‍ය හදුන ගෙන පසුව එකතු කරගත් අපද්‍රව්‍ය වෙරලට රැගෙන එයි.
මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය බවට පත් කරන්නත් Razer මේ වෙනකොට ප්රතිචක්රිකරණ සංවිධාන සමග කටයුුතු කරමින් ඉන්නවා.
කෙහොම උනත් රොබෝ මගින් පිරිසිදු කිරීම කරන අතරම සාගර දූෂනය පිලිබද තීරණාත්මක දත්තද රැස් කරයි. සාගරවල ඉහල යන දූෂනයන් පිලිබද 1000GB දක්වා දත්ත රැස් කිරීමේ හැකියාව මෙම රොබෝට පවතිනවා.

Razer x Clearbot රොබෝට එහි AI හැකියාවෙන් සාගරය තුල ස්වයං සැරිසැරීමක් කලහැකි වෙනවා එමෙන්ම රොබෝ මුලුමනින්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන නිසා සාගරය දූෂනය වීමක් සිදු නොකරම මෙම කාර්යන් කිරීමට හැකි වෙනවා.
දැන් සැබෑවටම සාගරය පිරිසිදු කිරීමට මෙම රොබෝව යොදවන්නේ කවදාද යන්න නිවේදනය කර නැහැ. ඒ උනත් සමාගම් ලෝකය යහපත්ව පවත්වා ගැනීමට මෙම පියවරයන් ගැනීමත් සතුටට කරුණක්.










Leave a Reply
View Comments