check point research හෙවත් CPR විසින් microsoft නිල ගබඩාව හරහා බෙදාහරින නව malware විශේශයක් සොයාගෙන තිබෙනවා. දැනටමත් යන්ත්‍ර 5000කට අධික සංඛ්‍යාවක් මේ නිසා බලපෑමට ලක්වෙලා තිබෙනවා වගේම මෙයට සමාජ මාධ්‍ය ගිණුම් පාලනය කිරීමේ හැකියාවද පවතිනවා. ඒ අනුව මෙම malware හට නව ගිණුම් ලියාපදිංචි කිරීම,ගිණුම් සදහා ලොග් වීම,කමෙන්ට් සහ ලයික් දැමීමටත් හැකියාව ලැබෙනවා.
CPR විසින් අණාවරනය කරගත් ක්‍රීඩාවන් microsoft හට දැනුම් දීල තිබෙනවා.
CPR විසින් මේ malware නම් කරලා තිබෙන්නේ electron Bot ලෙසයි.
මේක ආරම්භ වුනේ 2018 අවසානයේ සොයාගන්නා ලද ad click campaign එකක් විදිහටයි.මේ malmalware එක google විසින් published කලා යැයි කියන Album By google photos නම් යෙදුමක් ලෙස microsoft store තුල සැගවී සිටියදීයි සොයාගනු ලැබුවේ.
CPR විසින් ආසාධිත යන්ත්‍ර ආරක්ෂා කර ගැනීමට පහත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දීලා තිබෙනවා.
microsoft හරහා බාගත කල යෙදුම් ඉවත් කිරීමට
Go to settings > apps.
Find the app in the list and select uninstall.
malware සහිත ෆෝල්ඩරය ඉවත් කිරීමට
Go to C:\Users\<username>\AppData\Local\Packages.
පහත සදහන් ආකාරයේ ෆෝල්ඩරයක් තිබේනම් එය ඉවත් කරන්න.
“Microsoft.Windows.SecurityUpdate_cw5n1h2txyewy”
“Microsoft.Windows.Skype_cw5n1h2txyewy”
startup තුල ඇති LNK ගොනුව ඉවත් කරන්න.
Go to C:\Users\<username>\AppData\Microsoft\Windows\Start Menu\Programs\Startup.
ෆයිල් නේම් එක Skype.lnk හෝ WindowsSecurityUpdate.lnk ලෙස තිබේ නම් එය ඉවත් කරන්න.











Leave a Reply
View Comments