Preview build එක Online හරහා Leak වීමත් එක්ක Windows 11 ගැන උණුසුම් කතාබහක් ඇති උනානෙ. ඉතින් මේ වෙනකොට වින්ඩොස් 11 ලැප්ටොප් වල ස්ථාපනය කරන්න පටන් අරන් තියනව වගේම එය කිසිදු දෝෂයක් රහිතව ක්‍රියාත්මක වී තිබුනා.
Windows 10,8 හා 7 Users ලට වින්ඩොස් 11 Free upgrade එකක් එනවා කිව්වොත්
…?
පුදුමය් කියලා හිතනවනම් සුභ ආරංචියක් තමයි දැන් කියන්න යන්නෙ.
Windows 11 ගැන සවිස්තරාත්මක පරීක්ෂනයකින් Windows 10,8,7 Usersලට Free Upgrade එකක් එන බවට ප්‍රතික්ශේප කරන්න බැරි සාක්ෂි ටිකක් හොයාගෙන තියනවා.
Windows 11 නිල වශයෙන් ප්‍රකාශ කරලා නොතිබුනත් Windows 10,8.1,8 හා 7 Users ලට Windows 11 හි Free Upgrade එකක් පෙන්නුම් කරලා තියනවා.
XDA Developers වාර්තාකල සාක්ෂි අනුව Windows 7,8.1,8 පරිශීලකයන්ට Windows 10 වලට Free Upgrade එකක් ලබා දී ඇති ආකාරයටම Windows 11 සදහාද Free upgrade ලබාදී තිබෙනවා.
පරිගණකයට digital හෝ OEM license එකක් තියන පරිශීලකයන්ට Windows 11 සදහා Activation Key එකක් මිලදී ගැනීමට සිදුවෙන්නෙ නැහැ.

සාක්ෂි සනාථ කරන්න Windows 11 වල pkeyconfig-downlevel.xrm-ms , හා pkeyconfig.xrm-ms වල ඇත්ත වශයෙන්ම Windows 10,7,8,8.1 හි සියලු සංස්කරණයන් දක්වලා තිබුණා.
Support කරන edition ටික යටින් දක්වලා තියනවා.
Windows 10
- Education
- Professional
- Home
- Server
- Enterprise
- Andromeda (Foldable? Surface Neo?)
- HubOS
- Holographic
- IoT
- Lite
- Cloud
Windows 7
- Home Basic
- Home Premium
- Professional
- Starter
- Ultimate
- SP1
Windows 8.1
- Core
- Professional
- Student
Windows 8
- Core
- Professional
මැතක Leaked උන Windows 11 build එක මගින් මෙය දක්වා ඇති නිසා මේක පරිපූර්ණ ලැයිස්තුවක් නොවන බවත් මතක තියා ගන්න.
ජූනි 24 නිල වශයෙන් නිකුත් කරද්දි මේක ගැන වැඩිදුර තොරතුරු බලාගන්න පුලුවන්.










සත්සරා