Google විසින් ඔවුන්ගේ වඩාත්ම බලවත් සහ දියුණුම AI model එකක් වන Gemini AI දියත් කර තිබෙනවා.
OpenAI විසින් ChatGPT දියත් කර වසරකට වැඩි කාලයකට පසුව Google විසින් මෙලෙස ඔවුන්ගේ විශාළතම භාශා ආකෘතිය වන Gemini AI දියත් කර තිබෙන අතර Google හී CEO වන Sundar Pichai සඳහන් කළේ මෙය AI හී නව යුගයක ආරම්භය බවටයි.

ප්‍රධාන කරුණු:
Multimodel – මීට පෙර නිකුත් කර තිබෙන භාෂා අකෘති මෙන් නොව Gemini හට Text, Images, codes සහ music ඇතුළු විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු සැකසීමට සහ තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා
Performance – Gemini විසින් MMLU (Massive Multi-Task Language Understanding ) තුළින් මානව විශේෂඥයින් අභිබවා යන බවට මිණුම් තුළින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව Gemini AI විසින්, විවිධ විශයන් ග්‍රහණය කර ගැනීමට සහ ගැටළු නිවැරදි ලෙස විසඳීමට එහි ඇති සුවිශේෂී හැකියාව පෙන්නුම් කරනු ලබනවා.
Efficiency – Google විසින් දැනට පවතින Tools සහ APIs භාවිතා කර ඉතාම කාර්යක්ශම ලෙස Gemini AI නිර්මාණය කර තිබෙනවා. මේ හරහා සංවර්ධකයින් හට නව යෙදුම් නිර්මාණයට මෙන්ම විවිධ Platforms තුළ Gemini හී හැකියාවන් භාවිතා කිරීමටත් ඉඩකඩ ලැබෙනවා.
Gemini AI මාදිලි 3කින් සමන්විත වනවා

- Gemini Nano:
Android උපාංග මතට AI හැකියාවන් ගෙන ඒම සඳහා Gemini Nano නිර්මාණය කර තිබෙන අතර දැනට Google Pixel 8 Pro සඳහා Gemini Nano ලබා දි තිබෙනවා.
- Gemini Pro:
විවිධ Google AI services බලගැන්වීම අරමුණු කරගෙන තිබෙන මෙම Gemini Pro මාදිලිය Bard AI හී කොඳු නාරටිය ලෙසද ක්‍රියා කරනවා.
ඒ අනුව සංවර්ධකයින්ට සහ ව්‍යවසායකයින්ට දෙසැම්බර් 13 වනදා සිට Google Cloud හී Google Generative AI studio හෝ Vertex AI හරහා Gemini Pro භාවිතා කළ හැකි වෙනවා.
- Gemini Ultra:
Google විසින් නිර්මාණය කර තිබෙන බලවත්ම මාදිලිය වන Gemini Ultra ලබන වසරේදී නිකුත් කිරීමට නියමිත අතර මෙම මාදිලිය බොහෝ දුරට දත්ත මධ්‍යස්ථාන සහ ව්‍යවසාය යෙදුම් සඳහා නිර්මාණය කර තිබෙන බවටයි සඳහන් වන්නේ.
![]()
දැන් Google Bard, Gemini Pro මගින් බලගන්වා තිබෙන අතර Google පවසන්නේ ඉදිරියේදී මෙම ආකෘතිය Google search engine, Ads products, Chrome browser මෙන්ම තවත් බොහෝ දෑ වලට ඒකාබද්ධ කරන බවයි.

Gemini AI විසින්, විශේෂඥ මිනිසෙකුගේ මිණුම් ලකුණු වන 89.8% අභිබවා ගොස් MMLU තුළින් 90% ක ලකුණු ලබාගෙන තිබෙන අතර මෙය GPT-4 වැනි අනෙකුත් ප්‍රසිද්ධ මාදිලි ද අභිබවා ගොස් තිබෙනවා.












Leave a Reply
View Comments