Categories

Open AI CEO Sam Altman participates in a discussion entitled "Charting the Path Forward: The Future of Artificial Intelligence" during the Asia-Pacific Economic Cooperation (APEC) CEO Summit, Thursday, Nov. 16, 2023, in San Francisco. (AP Photo/Eric Risberg)

සෑම් නැවතත් ප්‍රධාන විධායක ලෙස OpenAI වෙතට

Sam Altmen ව නැවත සේවයේ පිහිටු වීම සඳහා සමාගමේ ඇති වූ ප්‍රතිපත්තිමය එකඟතාවයකින් පසුව Sam Altman නැවතත් ප්‍රධාන විධායක ලෙස පැමිණීමට නියමිතව සිටිනවා.

Sam ව OpenAI සමාගමෙන් ඉවත් කිරීමත් සමග අභ්‍යන්තර කැළඹීම් ඇති වූ අතර OpenAI හී සේවකයන් 600 කට වැඩි පිරිසක් තර්ජනය කර තිබුණේ මණ්ඩලය විසින් Sam ව නැවත සේවයේ පිහිටුවා එම මණ්ඩලය ඉල්ලා අස් වන්නේ නැතිනම් ඔවුන් සියල්ලන්ම සමූහ වශයෙන් සමාගමෙන් ඉවත් වන බවටයි.

ඒ අනුව OpenAI සමාගම විසින් මෘදුකාංග සමාගමක් වන SalesForce හී සම- ප්‍රධාන විධායක වන Bret Taylor ගේ සභාපතිත්වයෙන් යුක්ත නව ආරම්භක මණ්ඩලයක් ද පිහිටුවා තිබෙනවා. මෙම මණ්ඩලයට හිටපු එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් Larry Summers සහ Adam D’angelo ද ඇතුළත් වෙනවා. විශේෂත්වය වන්නේ Adam D’Angelo මීට පෙර Sam Altman ව ඉවත් කිරීම සඳහා ප්‍රකාශ කළ මුල් මණ්ඩලයේ සාමාජිකයෙක් ද වීමයි.

OpenAI සමාගම විසින් X හී නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ Bret Taylor, Larry Summers සහ Adam D’angelo යන නව ආරම්භක මණ්ඩලයක් සමගින් ප්‍රධාන විධායක නිළදාරී ලෙස Sam Altman ව නැවත OpenAI වෙත ගෙන ඒම සඳහා ඔවුන් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බවටයි.

එසේම Altman ද X හී පළ කර තිබුණේ OpenAI වෙත පැමිණීම සඳහා ඔහු බලාපොරොත්තු වන බවටයි.

Sam Altman ඉවත් කිරීමත් සමග ඔහුගේ සගයා වූ සමාගමේ සභාපති වූ Greg Brockman විසින් සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර නැවත Sam ගේ පැමිණීමත් සමග Brockman ද OpenAI සමාගමට බඳවා ගෙන තිබෙනවා. ඔහු X හී සඳහන් කර තිබුණේ අපි ආපසු පැමිණියෙමු යනුවෙනුයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.