Categories

නව තාක්ශණික යුගයක ආරම්භය සනිටුහන් කරමින් Apple තම VR Headset එක වන Vision Pro නිකුත් කරයි

ඩිජිටල් ලෝකය සහ සැබෑ ලෝකය කිසිදු බාධාවකින් තොරව මුසු කරමින් Apple සමාගම ඔවුන්ගේ නවතම VR Headset එක WWDC 2023 දී එළිදක්වනු ලැබුවා.

මෙහි විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික සංදර්ශක වලින් ඉවතට ගොස් පරිශීලකයන්ගේ ඇස්,අත්,කටහඬ මගින් පාලනය වන සම්පූර්ණ ත්‍රිමාණ පරිශීලක අතුරුමුහුණතක් හඳුන්වා දීමයි.

ඒ වගේම ලොව ප්‍රථම අවකාශීය මෙහෙයුම් පද්ධතිය (Spatial Operating System) වන VisionOS හරහා පරිශීලකයන්ට, ඔවුන්ගේ ඩිජිටල් පරිසරයේ ඇති සෑම දෙයක්ම භෞතිකව භාවිතා කරන ආකාරයේ හැඟීමක් ඇති කරමින් ඩිජිටල් අන්තර්ගතයන් සමග අන්තර්ක්‍රියා කිරීමටද ඉඩ සලසනවා.

“අද පරිගණකකරණය සඳහා නව යුගයක ආරම්භය සනිටුහන් කරයි. Mac විසින් අපව පුද්ගලික පරිගණක වලට හඳුන්වා දුන් ආකාරයට, iPhone විසින් අපව ජංගම පරිගණක වලට හඳුන්වා දුන් ආකාරයටම Apple Vision Pro ද අපව අවකාශීය පරිගණක වලට හඳුන්වා දෙයි ” යනුවෙන් ඇපල් ප්‍රධාන විධායක නිළදාරී Tim Cook ප්‍රකාශ කර තිබෙනවා.

 

යෙදුම් සඳහා අසීමිත කැන්වසයක්:

VisionOS ත්‍රිමාණ අතුරුමුහුණතත් සමග එය සාමාන්‍ය සංදර්ශකයෙන් නිදහස් වී ඕනෑම යෙදුමක් එක පැත්තකින් ඕනෑම පරිමාණයකින් දිස් වන අතර පරිශීලකයින්ට පරිපූර්ණ WorkSpace එකක් සැකසීමට හෝ ඔවුන්ගේ Mac හී හැකියාවන් රැහැන් රහිතව Vision Pro තුළට ගෙන ඒමට පවා හැකියාව ලැබෙනවා.

විනෝදාස්වාද අත්දැකීම් :

Ultra-High-Resolution display දෙකක් සමඟින් Vision Pro හට ඕනෑම ඉඩකඩක් අඩි 100 පළල තිරයකින් සහ අවකාශීය ශ්‍රව්‍ය පද්ධතියක් හරහා පුද්ගලික සිනමා ශාලාවක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනවා.

The App Store in visionOS displayed floating in a physical room.

එසේම පරිශීලකයන් හට තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ තිරයක් මත Apple arcade ක්‍රීඩා 100 කට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කළ හැකියි.

ඡායාරූප සහ වීඩියෝ :

Apple Vision Pro හරහා පරිශීලකයන්ට ඔවුන්ගේ ප්‍රියතම මතකයන් සැබෑ ලෙසම ග්‍රහණය කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා. ඒ අනුව පරිශීළකයන්ට ඔවුන්ගේ iCloud Photo library තුළට ප්‍රවේශ වී දීප්තිමත් වර්ණ සහ ශබ්ද සහිතව ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ කැමති ප්‍රමාණයෙන් නැරඹිය හැකි වෙනවා. එසේම iPhone මගින් ලබාගත් Panaroma සෑම එකක්ම නැවත එම අවස්ථාවේ සිටම විඳීමට හැකියාව ලැබෙනවා.

 

FaceTime ඇමතුම් :

Vision Pro හරහා FaceTime ඇමතුම් වලදී පරිශීලකයා වටා ඇති පරිසරයේ සම්පූර්ණ ඉඩකඩ ලබා ගනිමින් ඇමතුමේ සිටින සෑම අයෙකුම ජීව ප්‍රමාණයේ tile වලින් පිළිඹිබු කරනු ලබනවා. මේ හරහා ඔවුන්ට ඔවුන් සියල්ලන්ම එකම තැනක සිට කතා කරනවා හා සමාන අත්දැකීමක් ලබා දෙනවා.

EyeSight විශේශාංගය :

 

Apple Vision Pro හී ඇති EyeSight හරහා පරිශීලකයන්ට ඔවුන් වටා සිටින අය සමග සම්බන්ධව සිටීමට උපකාරී කරන අතර පුද්ගලයෙක් Vision Pro පැළඳ සිටින අයෙකු ලඟට ලඟා වන විට උපාංගය විනිවිද පෙනෙන ලෙස දිස් වෙනවා.

මෙහිදී අනෙක් අයට පරිශීලකයාගේ ඇස් ප්‍රදර්ශණය කරන අතරම පරිශීලකයාට ඔවුන්වද දැකිය හැකි වෙනවා.

Apple Vision Pro හී මිල $3,499කින් ආරම්භ වන අතර එය ලබන වසරේ මුලදී apple.com සහ එක්සත් ජනපද ඇපල් ස්ටෝ වලින් ලබා ගත හැකි වෙනවා. එසේම එය අනෙක් රටවලට ලබන වසර අගදී පැමිණෙනවා.

 

source :

apple

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.