රිළවුන්ට ඔවුන්ගේ මනසින් පමණක් රොබෝ අතක් පාලනය කළ හැකි brain chip බද්ධයක් සාර්ථකව සිදු කළ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. මැයි 5 වන දින Nankai University හී පර්‍යේශකයන් මෙම නිවේදනය සිදු කර තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය ආබාධ සහිත පුද්ගලයින්ගේ ඉදිරි ජීවිතය වඩාත් වැඩිදියුණු කරන බවයි.

මෙම brain-computer එක මගින් electroencephalogram (EEG) signals animal’s control instructions බවට පත් කරනු ලබන අතර මහාචාර්ය ඩුවාන් ෆෙන්ග්ගේ කණ්ඩායම විසින් මෙම brain-computer interface එක නිර්මාණය කර තිබෙනවා.

මෙහිදී ශල්‍යකර්මයක් හරහා EEG සංවේදක රිළවුන්ගේ මොළයේ බිත්තියට සවි කර තිබෙන අතර ඒ හරහා අභ්‍යන්තර EEG සංඥා එකතු කරනු ලබනවා.
සැත්කමෙන් පසුව EEG සංඥා සාර්ථකව හඳුනා ගනිමින් රොබෝ අත රිළවාගේ පාලනයට යොමු වී තිබෙනවා.











Leave a Reply
View Comments