Categories

NEW YORK, NEW YORK - JUNE 12: Jennifer Hudson attends the 75th Annual Tony Awards at Radio City Music Hall on June 12, 2022 in New York City. (Photo by Dia Dipasupil/Getty Images)

AI වලට ඒත්තු ගැන්වෙන නමුත් සම්පුර්ණයෙන් ප්‍රබන්ධ පිලිතුරු ලබාදිය හැකියි ගූගල් Search engine ප්‍රධානී රාඝවන්ගෙන් ප්‍රකාශයක්…!

Google හි සෙවුම් යන්ත්‍ර ප්‍රධානියා පැවසුවේ AI චැට්බොට් වලට “ඒත්තු ගැන්වෙන” නමුත් “කල්පිත” පිළිතුරු ලබා දිය හැකි බවයි.

ප්‍රභාකර් රාඝවන් වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පැවසුවේ බාඩ් ගූගල් සෙවුම සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සලකා බලන බවයි.

Google හට එහි chatbot Bard මහජනතාවට මුදා හැරීමේ “හදිසි අවශ්‍යතාවයක්” දැනුණු බව ඔහු පැවසීය.

http://news.cyberyakku.com/microsoft-announces-new-chatgpt-powered-bing-engine-and-edge-browser/

 

සැම විටම AI chatbot මගින් නිවරදි තොරතුරු බලාපොරාත්තු වීම පිලිබදව Google හි Search engine ප්‍රධානී ප්‍රභාකර් රාඝවන් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.
ඒ google හි නව Chatbot වන Bard ප්‍රදර්ශන උත්සවයකදි ලබාදුන් වැරදි තොරතුරක් නිසා Microsoft හමුවේ පැවති AI තරගයෙන් යම් පරාජයක් ලැබූ අවධියකයි.
එලෙසම Google හි Search engine ආධිපත්‍යයට Microsoft ChatGPT මගින් එල්ල කල තර්ජනය නිසා බදාදා දින සමාගමේ කොටස් තියුණු ලෙස පහත වැටුනා.

ප්‍රභාකර් රාඝවන් සෙනසුරාදා වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පවසා තිබුනේ AI හට සමහර විට බොරු නමුත් ඒත්තු ගැන්වෙන පිළිතුරු දිය හැකි බවයි.
එලෙසම ඔහු පුවත්පත්ට සදහන් කලේ
“අප දැනට කතා කරන මේ ආකාරයේ කෘත්‍රිම බුද්ධිය සමහර විට මායාවන් ලෙස හඳුන්වන දෙයක් ඇති කරන බවයි.

ඒ පිලිබදව අදහස් දැක්වූ රාඝවන් පැවසුවේ ගූගල්ට බාර්ඩ් මහජනතාවට මුදා හැරීමේ “හදිසි අවශ්‍යතාවයක්” දැනුණු බවයි,
ඒසේම දැන් අපට විශාල වගකීමක් දැනෙනවා. අපට අනිවාර්යයෙන්ම ජනතාව නොමඟ යැවීමට අවශ්‍ය නැති” බවයි.

විශේෂයෙන් තනි පිලිතුරක් නොමැති ප්‍රශ්න සදහා මෙම AI හැකියාවන් ඒකාබද්ද කරන්නේ කෙස්දැයි තමන් සලකා බලමින් සිටින බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.