Categories

LED light සහ BT speaker සහිත MoodUp ශීතකරණය එළිදක්වයි

LG සමාගගේ නවතම Smart ශීතකරණය වන MoodUp fridge එක සමාගම විසින් IFA 2022 දී එළිදක්වලා තිබෙනවා. මේ නවතම ශීතකරණයේ ඉදිරිපස ආලෝකමත් කිරීම සදහා LED පැනල් වර්ණ රාශියකින් සමන්විත වෙනවා. ශීතකරණයේ දොරවල්වල RGB පැනල් කිහිපයක් ඇති අතර පරිශීලකයින්ට ඉහළ දොරවල් සඳහා වර්ණ විකල්ප 22ක් සහ පහළ දොරවල් සඳහා වර්ණ 19ක් තෝරා ගන්න පුලුවන්.

ඒ වගේම මේ LG MoodUP ශීතකරණය බ්ලූටූත් ස්පීකරයකින් ද සමන්විත වන අතර එය music play කිරීම සදහා ස්මාර්ට් ජංගම දුරකතනයක් සමඟ සම්බන්ධ කළ හැකි අතර LED පැනල් වල වර්ණයද music එකට අදාලව වෙනස් කරනු ලබනවා.

සමාගම පවසන්නේ ශීතකරණයේ LED panel off කළ විට එය Lux Gray සහ Lux White යන design වලට මාරු වන බවයි. එසේම මේ ශීතකරණය voice recognition සදහා AI chip එකකින් සමන්විත අතර ශීතකරණයේ දොරවල් විවෘතව තිබෙන විට පරිශීලකයන් හට blink ආකාරයෙන් notification දැනුම් දෙනු ලබනවා.

 

 

මෙහි මිළ ගනන් තවමත් ප්‍රකාශ කර නොමැති අතර ඉදිරියේදී එය නිකුත් කිරීමට නියමිතයි.

 

 

source

GADGET360

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.