ගිය බදාදා තිබුණු Galaxy unpacked event එකේදි samsung විසින් ඔවුන්ගේ flip series එකෙහි නවතම දුරකථනය ලෙස galaxy z flip 4 දුරකථනය වෙළදපලට නිකුත් කරනු ලැබුවා. samsung විසින් මේ දුරකථනයේ Z අකුර අයින් කරන්න යනවා කියල කතාවක් ගියත් නම වෙනස් නොකරම දුරකථනය හදුන්වා දෙන්න ඔවුන් තීරණය කරලා තියෙනවා.
Samsung Galaxy Z Flip 4 specifications
dual sim සහිත මෙහි Android 12 ධාවනය වෙනවා. Flip 4 හී තියෙන Flex Mode මගින් පරිශීලකයන් හට, දුරකථනය කොටස් දෙකකට බෙදූ පසුව split screen හරහා ඇප්ස් 2ක් භාවිතයට අවස්ථාව හිමි වෙනවා.
මෙම නව දුරකථනය ocacore 4nm Qualcomm Snapdragon 8+ Gen 1 SoC මගින් බල ගැන්වෙනවා. මෙහි තිබෙන dual rear camera, 2-megapixel ultra wide primary sensor එකකින්, F2.2 lens එකකින්, 123-degree field of view එකකින් සමන්විත වෙනවා.
Samsung Galaxy Z Flip 4 දුරකථනය 512GB inbuilt storage එකකින් සහ 8GB RAM එකකින් පැමිණෙනවා. connectivity options අතර 5G, 4G LTE, Wi-Fi 802.11 a/b/g/n/ac/ax, Bluetooth v5.2, GPS/ A-GPS, NFC, සහ USB Type-C port එකක් ඇතුළත් වෙනවා. S ඒ වගේම මෙහි side-mounted fingerprint sensor එකක්ද ඇතුළත්.
මිනිත්තු 30 තුළ 0 සිට 50 දක්වා charge කළ හැකි 3,700mAh battery එකකින් සමන්විත Galaxy Z Flip 4 , 25W fast charging සදහා සහය දක්වනවා. ඒ වගේම මෙය Fast Wireless Charging 2.0 සහ Wireless PowerShare සදහාත් සහය දක්වනවා. Galaxy Z Flip 4 දුරකථනය water resistance සදහා IPX8 ලෙස ශේණිගත කර තිබෙන මෙය Aluminum frame එකකින් සකස් කරලා තියෙනවා.
මෙහි මිල සදහන් වෙන්නේ $999ක් ලෙසයි. ආසන්න වශයෙන් ශ්රී ලංකා මුදලින් රු.350,000 කට මේ galaxy z flip 4 මිලදී ගන්න පුලුවන්.











Leave a Reply
View Comments