microsoft විසින් low-end android දුරකථන සදහා මෙන්ම සීමිත අන්තර්ජාල සම්බන්ධතා ඇති ප්‍රදේශ සදහා outlook lite යෙදුමක් නිකුත් කරලා තියෙනවා. මේක 5MB size එකකින් සමන්විත වෙනවා. මේක නිල outlook යෙදුමට වඩා කුඩා කිරීම මගින් 1GB RAM සහිත සැහැල්ලු දුරකථන වල පවා ඉහළ කාර්‍යසාධනයක් ඇති කරන්න අපේක්ශා කරනවා.

මේ outlook lite යෙදුම 2G සහ 3G ඇතුළු ඕනෑම ජාලයකද ක්‍රියාත්මක වෙනවා. මේ නිසා අඩු අන්තර්ජාල පහසුකම් යටතේද මෙය භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේක අඩු බැටරි භාවිතයක් සහතික කරන නිසා බැටරි භාවිතයද සීමා වෙනවා. official Outlook වල තියෙන ප්‍රධාන features වන send emails, access the calendar, contacts, ඇතුළු තවත් features outlook lite තුළද අන්තර්ගත වෙනවා.
මේ Outlook lite යෙදුම දැනට ඉන්දියාව,ආර්ජන්ටිනාව, බ්‍රසීලය, චිලී, කොලොම්බියාව, ඉක්වදෝරය, මෙක්සිකෝව, පේරු, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, තායිවානය, තායිලන්තය, තුර්කිය සහ වෙනිසියුලාව යන රටවලට ලබා දී ඇති අතර, ඉදිරියේදී තවත් රටවල් සදහා එය ලබා දීමට microsoft බලාපොරොත්තු වෙනවා.
source:-
TECHSPOT











Leave a Reply
View Comments