රුසියාවේ පැවති චෙස් ක්‍රීඩා තරගාවලියක් අතරතුර චෙස් ක්‍රීඩා කරන AI රොබෝ කෙනෙකු හත් හැවිරිදි ප්‍රතිවාදී කුඩා දරුවකුගේ ඇගිල්ලක් කඩා දමා තිබෙනවා. ඒ එරට මොස්කව් අගනුවර පැවති විවෘත චෙස් තරගයක් අතරතුරදීයි.
Christopher නම් මෙම දරුවාගේ වයස අවුරුදු 7ක් වන අතර ඔහු වයස 9න් පහළ කාණ්ඩයෙන් චෙස් තරග වැදී තිබෙනවා. මෙසේ රොබෝ විසින් ඔහුගේ ඇගිල්ල කඩා දැමීමට හේතුව ලෙස රුසියානු චෙස් සම්මේලනයේ උප සභාපති Sergey Smagin පවසන්නේ රොබෝ විසින් අදාල චෙස් ඉත්තා ඇදීම අවසන් කිරීමට පෙර මෙම දරුවා ඔහුගේ ඉත්තා ඇදීම බවයි.
Jesus… A robot broke kid‘s finger at Chess Tournament in Moscow @elonmusk @MagnusCarlsen
There is no violence in chess, they said.
Come and play, they said. https://t.co/W7sgnxAFCi pic.twitter.com/OVBGCv2R9H
— ???????????????????????????? ???????????????????????? (@russian_market) July 21, 2022
රුසියානු චෙස් සම්මේලනයේ උප සභාපති smagin විසින් කුඩා දරුවා මත වරද පටවා ඇති අතර ඔහු පවසන්නේ ” ඇතැම් ආරක්ශක නීති තිබුණත් දරුවා ඒවා උල්ලංඝනය කර ඇති අතර ඔහු තම පියවර අවසන් කල පසු ඊලග පියවර සදහා බලා සිටිය යුතු බව ඔහුට වැටහුනේ නැහැ. මෙය අතිශය දුර්ලභ අවස්ථාවක්” යනුවෙනුයි.
කෙසේ වෙතත් මොස්කව් චෙස් සම්මේලනයේ සභාපති Sergey Lazarev පවසන්නේ ” රොබෝ විසින් දරුවාගේ ඇගිල්ල කඩා තිබෙනවා, එය ඇත්තෙන්ම නරකයි ” යනුවෙනුයි. එසේම මෙම රොබෝ වසර 16ක් තිස්සේ චෙස් ක්‍රීඩා කරන අතර මීට පෙර පැවති කිසිම chess තරගයක ප්‍රතිවාදියාගේ ඇගිල්ල කඩා දමා හෝ වෙනත් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොකල බව ඔහු සදහන් කරනවා.
ක්‍රිස්ටෝපර්ගේ දෙමාපුයන් විසින් මේ පිළිබදව public prosecutor’s office යට වාර්ථා කර ඇති අතර මොස්කව් චෙස් සම්මේලනය පවසන්නේ මෙම තත්වය සමනය කිරීමට ඔවුන් දරුවාගේ දෙමාපියන් සමග සාකච්ඡා කරන බවයි.
මෙම සිදුවීම විශේශ වන්නේ මීට මාසයකට පමණ පෙර laMDA AI පිලිබදව blacke lemoine කල ආන්දෝලනාත්මක ප්‍රකාශය වැඩි කතා බහට ලක් වීමත් සමගයි.
source
TECHSPOT











Leave a Reply
View Comments