ඔයා දාන පෝස්ට් වලට යාලුවො කැත කමෙන්ට් දානවද ?
කොහොමද ඒ කැත කමෙන්ට්වලින් බේරෙන්නෙ කියල තමයි මම මේ පෝස්ට් එකෙන් කියාදෙන්න යන්නෙ
මේ වැඩේ කරන්න pc එකක් තමයි ඕනි. ෆෝන් එකෙනුත් පුලුවන්. හොදයි එහෙනම් යමු වැඩේට.
1. Google Chrome Web Browser එක Open කරගන්න.
2. Web Browser එකේ දකුණු පැත්තෙ උඩින් පොඩි ඩොට් තුනක් බලාගන්න පුලුවන්. අන්න ඒ ඩොට් තුන ටච් කරන්න.
3. ඩොට් තුන ටච් කරාම එනව පොඩි ලිස්ට් එකක් .ඒකෙ පහල තියෙනව Desktop Site කියල එකක්. අන්න ඒකට පොඩි ටික් එකක් දාන්න.
4. ඊට පස්සෙ උඩ Search කරන තැන ටයිප් කරන්න Www.Facebook.com කියල. ඊට පස්සෙ search කරන්න. දැන් ඔයාව Facebook site එකට යයි. ඒකෙ email password දීල log වෙන්න .
5. ඊට පස්සෙ දකුණු පැත්තෙ උඩම ඔයාට බලාගන්න පුලුවන් පොඩි ත්‍රිකෝණ කෑල්ලක් තියෙනව. ඒක ටච් කරන්න.
6. ත්‍රිකෝණ කෑල්ල ටච් කලාම එන ලිස්ට් එකෙන් Settings කියන එක ටච් කරන්න.( මම මේ සරලව කිව්වෙ pc එකකින් facebook settings වලට යන විදිය ?. නොදන්න කෙනෙක් හිටියොත් කියල සරලවම කිව්වෙ.)
7. Settings වල වම්පැත්තෙ තියෙනව Timeline and Tagging කියල එකක්. අන්න ඒක ටච් කරන්න.
8. Timeline and Tagging Settings යටතේ තියෙනව Timeline කියල තවත් අනු වචනයක්.අන්න ඒ අනුවචනෙ යටතේ තියෙනව Hide comments containing certain words from your timeline කියල දිග වාක්‍යයක් . අන්න ඒක උඩ ටච් කරන්න.
9. ඊට පස්සෙ එනව පොඩි Text box එකක්. අන්න ඒකෙ ටයිප් කරන්න ඔයාට block කරන්න ඕනි වචන. එක වචනයක් ටයිප් කරල කොමාවක් , තියල අනිත් අනිත් වචනෙ ගහන්න.ඒ විදියට ඕනි තරම් වචන ටයිප් කරන්න.
10. එතනම එහාපැත්තෙ තියෙනව add කියල බටන් එකක්. ටයිප් කරල ඉවර වෙලා add බටන් එක ටච් කරන්න. ඊට පස්සෙ ඔයාලට බලාගන්න පුලුවන් ඔයාල ටයිප් කරපු වචන පහලට ඇඩ් වෙනව.
11. දැන් එහෙනම් Save Changes කියන එක ටච් කරන්න.
වැඩේ ඉවරයි. දැන් ඉතින් ඔයා ඇඩ් කරපු වචන තිබුනොත් අනිත් අය ඔයාට දාන කමෙන්ට් වල. ඒ කමෙන්ට් Auto Hidden වෙනව. එතකොට ඒ Comment පෙන්නන්නෙ Comment එක දාපු කෙනාට විතරයි. ඔයාගෙ යාලුවන්ට Comment එක පෙන්නන්නෙ නෑ. ඔයාට පෙන්නන්නෙ This Comment Has been Hidden කියල . ඕනිනම් එහෙම පෙන්නන කමෙන්ට් එක උඩ ටච් කරල ඒක Unhide කරන්නත් පුලුවන්.











Leave a Reply
View Comments