Categories

Facebook දත්ත සොරාගැනිම නිසා Playstore වෙතින් ඇප් 10ක් ඉවතට

ට්‍රෝජන් බව සොයාගැනීමෙන් අනතුරුව Google විසින් මෙම ඇප් 10ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒවායින් identical Javascript code භාවිතා කරමින් Facebook password ඇතුලු පරිශීලක දත්ත සොරාගෙන තිබෙනවා.

මෙම ට්‍රෝජන් ඇප්, Dr.Web security platform එක සොයාගෙන තිබුනු අතර
⁣මෙම ඇප් වලින් පරිශීලක දත්ත සොරාගැනිමට විශේෂ ්යාන්ත්‍රනයක් භාවිතා කර සොරාගත් දත්ත ප්‍රහාරකයන්ගේ සර්වර්ස් වලට යවා තිබුනා.

Facebook password සොරාගත් යෙදුම් සමග ඒකාබද්ද වී තිබූ Malware ප්‍රභේදයන් 5ක් සොයාගැනීමට පර්යේෂකයන්ට හැකි උනා. ඒවායින් තුනක්ම Native android app වන අතර ඉතිරි දෙක භාවිතා කලේ Google Flutterwork framework එකයි.

ඇප් ගැන බලනකොට සැම ඇප් එකකම ඩවුන්ලෝඩ් 100 000 ඉක්මවලා තිබෙනවා.
බහුතරය “PIP photo” නම් යෙදුමක් වන අතර එය Playstore හි ඩවුන්ලෝඩ් මිලියන 5.8 ලෙස දක්වා තිබුනා.
දෙවන ඇප් එක උනෙ “Proccessing photo”
ඇප් එකයි එහි ඩවුන්ලෝඩ් මිලියන භාගයකට වඩා තිබෙනවා.

අනෙක් ඇප් නම් Rubbish Cleaner (100,000+ downloads), Horoscope Daily (100,000+ downloads), Inwell Fitness (100,000+ downloads), App Lock Keep (50,000+ downloads), Lockit Master (50,000+ downloads), Horoscope Pi (1,000+ downloads), and App Lock Manager (10+ downloads).

Dr.web විසින් ට්‍රෝජන් ලෙස දක්වමින් වාර්තාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගූගල් විසින් සියලුම ඇප Playstore වෙතින් ඉවත් කිරීමට කටයුතු කර තිබුනා. එමෙන්ම මෙම ඇප් වල සංවර්ධකයින්ට Playstore හි නැවත ඇප් පබ්ලිශ් කිරීමත් තහනම් කර තිබෙනවා.

ඔයාලත් මේ ඇප් එකක් හරි ඩවුන්ලෝඩ් කරලා තියනවනම් වහාම එය ඉවත් කරලා facebook password එක වෙනස් කරගෙන ඔයාලගෙ දත්ත සොරකම් කරලද කියලා ” have i been pwned” වෙබ් සයිට් එකට ගිහින් බලන්න.