මේ වෙද්දි messaging app list වල පෙරමුණේ ඉන්න වට්සැප් වල බිලියන 2.5ක ක්රියාකාරි පරිශීලකයන් ප්රමාණයක් ඉන්නවා. පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා whatsapp මෑතකදී විශේෂාංග ගණනාවක් එකතු කරලා තියෙනවා. මේ වෙනකොට, whatsapp සදහා තවත් නව අංගයක් සංවර්ධනය වෙනවා කියලා ආරංචි වෙනවා. ඒකෙදි කෙනෙක් සමඟ වීඩියෝ බෙදා ගන්න කලින් වීඩියෝ ගුණාත්මකභාවය තෝර ගන්න ඔයාට ඉඩ සලසනවා.
අලුත්ම අංගය ඇන්ඩ්රොයිඩ් සඳහා වන WhatsApp 2.21.14.6 බීටා වල දකින්න ලැබෙනවා. WABetaInfo ට අනුව, මේ අංගය future update වලින් ලබා ගන්න පුලුවන්. එ වගේම WABetaInfo ඒක ක්රියාත්මක වෙන ආකාරය පිළිබඳ photo එකක් නිකුත් කරලා තියෙනවා.

Whatsapp නවතම feature ක්රියාත්මක වන ආකාරය
ඉදිරි update එකෙන් පස්සෙ video බෙදා ගන්න කලින් පරිශීලකයින්ට විකල්ප 3ක් ලැබෙනවා. ඒ Auto, best quality සහ Data sever කියන තුන.
AUTO:- මේ mode එකේදි විශේෂිත වීඩියෝ සඳහා හොඳ video quality එක WhatsApp විසින් හඳුනා ගන්නවා.
Best quality:- මේ mode එකේදි ලබා ගන්න පුලුවන් හොඳම quality භාවිතා කරමින් වීඩියෝ යවන්න WhatsApp ඉඩ ලබා දෙනවා.
Data sever :- data sever mode එකේදි වට්සැප් විසින් විඩියෝ එක යවන්න කලින් compress කරනු ලබනවා.
අලුත් video quality feature එක android සහ IOS පරිශීලකයන්ට ලබාගන්න පුලුවන් වෙයි කියලා අපේක්ශා කරනවා. කොහොම උනත් පරිශීලකයන්ට video යවන්න කලින් mute කරන්න අවස්ථාව ලබා දෙන whatsapp mute video feature එක android භාවිතා කරන්නන්ට පමණයි ලබාගන්න පුලුවන්කම තියෙන්නේ.
whatsapp සදහා ඉදිරියට එන විශේශාංග
voice waveforms
මේකෙන් ඔයාට voice message එකක් එකවර යවන්න හෝ cancel කරන්න පහසුකම් සලසනවා. ඒවගේම voice message එක යවන්න කලින් ඒකට සවන්දෙන්නත් අවස්ථාව ලබා දෙනවා.
status update excluded from backups
whatsapp chat history backup කරනකොට whatsapp වල සියලුම status update ඇතුළත් වෙනවා. කොහොම උනත් whatsapp විසින් ඉදිරි update එකේදි status update backup කරන එක android user ලගෙන් නතර කරයි. මේක දැනටමත් iOS device වල ඇතුළත් වෙනවා.
Written By Chamika Sahan Samarakoon











Mod whatsapp band wenawada….issarahata…?
ow samahara ewa ban wenw kiyl whatsap eken kiyl thibuna