Categories

ලොව පලමු GPU එක Lego මගින් ප්‍රතිනිර්මාණය කරයි.

ඔබ 90 දශකයෙ ඉදන් පරිගණකත් එක්ක සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්නම් Nvidia GeForce 256 ගැන සොදුරු මතකයක් ඇති.
දැන් එය ලෙගෝ ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියනවා.

1999 ඔක්තොබර් 11 වන දින නිකුත් කල මෙම කාඩ්පත Nvidia GeForce හි වෙලද නාමය රැගෙන ගිය පලමු අවස්ථාව වනවා.
මෙය නිකුත් කිරීමට ප්‍රථම 3D ක්‍රීඩා Accelerators තිබූ නමුත්
GPU එසේ නොවීය.

Nvidia මෙම පදය නිර්වචනය කලේ “තත්පරයකට අවම වශයෙන් බහුඅවයව මිලියන 10ක් සැකසීමට හැකියාව ඇති ඒකාබද්ධ පරිවර්තනය,ආලෝකකරණය,ත්‍රිකෝණ සැකසුම ක්ලිපින් හා විදැහුම්කරණ එන්ජින් සහිත තනි චිප් සකසනයක් යනුවෙනි.

මෙය ට්විටර් පරිශීලකයෙකු වන Bhaal Spawn ගේ ව්‍යාපෘතියක් වන අතර ඔහු පරිගණක දෘඩාංග වලින් ලෙගෝ නිර්මාණ සකසයි.
මාර්තු මස ඇය 3Dfx Voodoo 3D ,accelerator card එක එලිදැක්වුවා.

Bhaal Spawn තමා ගැන විස්තර කරන්නේ ලෙගෝ සවුන්ඩ්බ්ලාස්ටර් ගෙන ආ අමුතු පුද්ගලයා යනුවෙන්. Bhaal spawn lego gravis Ultrasound එකක් ද සකසා තිබෙනවා.

පරිශීලකයන්ගේ ඉල්ලීම් සමග ඇගේ මීලග ව්‍යාපෘතිය ඒවා සවිකිරීමට Motherboard එකක් සැදිම බව නොඅනුමානයි.

Written by Sahan Nimesha Samarakoon