WhatsApp සමාගම WhatsApp security එක කොච්චර වැඩි කරත් තාමත් මේ වංචාකරුවො (scammers) WhatsApp users ඉලක්ක කරලා එයාලගෙ ගිණුම් සොරාගන්න උත්සහ කරමින් ඉන්නවා. usersගේ යාලුවෙක් විදියට පෙනී ඉදලා SMS security code එක ඉල්ලගෙන තමා මේ ස්කැමර්ස්ලා වට්සැප් ගිණුම් සොරකම් කරන්නේ…
මේ වංචාව අවුරුදු ගණනක් තිස්සෙ සිද්ද උනත් තාමත් ලෝකේ බහුතරයක් දෙනා මොවුන්ට අසුවෙනවා.
වට්සැප් සමාගම දිගින් දිගටම කියන්නේ කාටවත්ම තමන්ගේ security code කාටවත්ම නොදිය යුතුයි කියලා තමා.
කොහොමද මේක අදුරගන්නේ…..
ඔයාට එකපාරම අංක 6ක වට්සැප් කෝඩ් එකක් එක්ක sms එකක් ආවොත් කවුරුහරි ඔයාව ඉලක්ක කරගෙන වෙන්න පුලුවන්.
සාමාන්‍යයෙන් මේ කෝඩ් එක එන්නෙ ඔයා අලුතින් ගිණුමක් හදනකොට හරි අලුත් දුරකථනයකින් ඔයාගෙ පැරණි ගිණුමට පිවිසෙනකොට හරි විතරයි .
ඉතින් ඔයා උඩින් කියල තියෙන දෙකෙන් එකක්වත් නොකරම ඔයාට කෝඩ් එකක් ඇවිත් නම් කවුරුහරි ඔයාගෙ ගිණුමට පිවිසෙන්න උත්සහ කරනවා.
ඊලගට මේ ස්කැමර්ස්ලා කරන්නෙ ඔයාට ආව ඉලක්කම් 6 කෝඩ් එක ඉල්ලලා වට්සැප් පණිවිඩයක් එවන එක.
මේ මැසේජ් එක එන්නේ ඔයා අදුරන කෙනෙක්ගෙන් වෙන්න පුලුවන්.මොකද ඒ ගිණුම හැක් කරගෙන නිසා.
තමන්ගෙ ගිණුම හැක් උන චාලි කියලා කාන්තාවක් කියලා තිබුණේ ” මගේ හොදම මිතුරියක් වෙන මිශෙල්ගෙන් මට වට්සැප් මැසෙජ් එකක් ලැබුණා.එයාගෙ ගිණුම ලොක් වෙලා කියලා ”
“එයා කිව්වා එයාගේ ෆෝන් එක වෙනුවට අහම්බෙන් මගේ ෆෝන් එකට කෝඩ් එක ඇවිත්, ඒක එවන්න කියලායි”
ඒත් ඇත්තටම උනේ චාලි, ස්කැමර්ස්ට තමන්ගෙ ගිණුමට ලොග් වෙන්න අවසර දුන්න එක.
මේ සොරකම් කල ගිණුම් වලින් වංචාකරුවො කරන්නේ කුමක්ද…?
ඔවුන් කරන්නේ සොරකම් කල ගිණුම් අයිතිකරුවාගේ පවුලේ අයගෙන් සහ යාලුවන්ගෙන් සත්‍ය ගිණුම් හිමියා විදියට පෙනී ඉදලා බොරු ප්‍රශ්ණ ගැන කියල මුදල් ලබාගන්න එක.
මේකෙන් ආරක්ශා වෙන්නෙ කොහොමද..?
* කිසි වෙලාවකවත් කාටවත්ම SMS security code එක දෙන්න එපා. අඩුම පවුලෙ අයටවත් යාලුවන්ටවත්.
* two step verification enable කරලා ඔයාගේ ගිණුමට අමතර ආරක්ශාවක් දෙන්න පුලුවන්.
setting>account>two step verification
මේකෙන් ඔයාට අංක 6ක කෝඩ් එකක් ටයිප් කරලා මේක enable කරගන්න පුලුවන්.
ඔයා වස්ටැප් එක ඕපන් කරන සමහර වෙලාවට (හැම අවස්තාවෙම නෙමේ) මේ කෝඩ් එක ටයිප් කරන්න එනවා
*ඔයාට මුදල් ඉල්ලලා පණිවිඩයක් ලැබෙනවා නම් හොදට පරික්ශා කරන්න.. සැකයක් තියෙනවනම් පණිවිඩේ එව්ව සම්බන්ධ කරගෙන තහවුරු කරගන්න.
Article written by Chamika Sahan Samarakoon










Leave a Reply
View Comments