තාක්ශණය කියන්නෙ ඉතාමත් වේගයෙන් යවත්කාලීන වෙන දෙයක්. අද අපි පාවිච්චි කරන තාක්ශණික දෙයක් හෝ ක්‍රමලේඛ භාශාවක් ඉදිරි දවස් කිහිපයක් තුල යල් පනින්න පුලුවන්.. වර්ථමානය වෙනකොට තාක්ෂණික සංවර්ධනය වෙනුවෙන් විශාල වශයෙන් මුදල් ආයෝජනය කරන නිසා පරිගණක විද්‍යාඥයින් මේ තාක්ෂණය වැඩි දියුණු කරමින් ඉන්නවා….
ඉතින් මේ පිස්සු හැදෙන තාක්ෂණික ලෝකේ ජීවත් වෙන්න නම් ඔයාලා අනිවාරෙන්ම මේ අලුත් තාක්ශණය ඉගෙන ගත යුතුමයි..
ඉතින් මේ ලිපියෙන් බලමු මොනාද ඔයාලා ඉගෙන ගන්න ඕනි, මේ වෙනකොට වඩාත් ජනප්‍රිය තාක්ශණයන් මොනාද කියලා…..
01.ARTIFICIAL INTERLLIGENCE

මොකක්ද මේ කෘතීම බුද්ධිය, එහෙමත් නැත්තම් artificial inyerlligence (AI) කියන්නේ…? මම පහසුවට මේක AI කියල කියන්නම්.
AI කියන්නේ මිනිසුන්ට වගේ තීරණ ගන්න හැකියාවක් තියෙන, පරිගණක ගත කිරීමට පාවිච්චි කරන තාක්ශණයක්.
මේකෙ අරමුණ තමා AI වැඩසටහන් පද්ධතියට ඇතුළත් කරලා, මානව බුද්ධිය අනුකරණය කරමින් රටා හදුනාගැනීම, කාලගුණ අනාවැකි වගේම රෝග විනිශ්චය වැනි සංකීර්ණ කටයුතු ඉටු කරගන්න එක..
මේ AI එක භාවිත කරන්නේ nevigation based applivations like uber , voice assistants like siri, video streaming services like netflix, search engine like google කියන යෙදවුම් වලට.
ගමනාගමනය, දුම්රිය උපලේඛනගත කිරීම,ව්‍යාපාර අනාවැකි පළ කිරීම, රියදුරු රහිත මෝටර් රථ සැලසුම් කරන එක වගේ කටයුතු ස්වයංක්‍රීයව කරගන්න මේ AI එක උපකාරි වෙනවා..
2030 වසර වෙනකොට මේ AI එහෙමත් නැත්තම් Artificial interlligience automation එක මගින් මිලියන 70ට වඩා රැකියා ප්‍රමාණයක් නිර්මාණය වෙයි කියල තමා අපේක්ෂා කරන්නේ..ඒ වගේම AI නිසා දැනට තියෙන මිලියන 20ට වඩා රැකියා ප්‍රමාණයක් නැතිවෙලා යන එකත් කණගාටුවට කරුණක්..
පහළ තියෙන්නෙ AI ඉගෙන ගැනීමෙන් ලබාගන්න පුලුවන් රැකියා කිහිපයක්..
*Machine Learning Engineer
*Data Scientist
*Computer Vision Engineer
*Business Interlligence Developer
*Data Analyst
අවසාන වශයෙන් මේකත් කියන්නම්,
software developers who know AI
earn much more than developers who don’t
02.DATA SCIENCE

Data science එහෙමත් නැත්තම් දත්ත විද්‍යාව කියන්නේ සංකීර්ණ දත්ත පිළිබදව අවබෝධයක් ලබා ගන්න උපකාරී වෙන තාක්ශණයක්.සමාගම් විසින් හැම දවසකම විශාල මුදලකින් දත්ත නිපදවනවා කියලා ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ.. ව්‍යාපාර දත්ත,විකුණුම් දත්ත,පාරිභෝගික පැතිකඩ තොරතුරු, සේවාදායක දත්ත සහ මූල්‍ය සංඛ්‍යා මේවට ඇතුළත් වෙනවා.
මේ data ගොඩක්ම තියෙන්නෙ huge data set එහෙමත් නැත්තම් විශාල දත්ත කට්ටල විදියට. ඉතින් data scientist ලගේ කාර්ය තමා මේ ව්‍යුහගත නොවන දත්ත ව්‍යුහගත දත්ත බවට පරිවර්ථනය කරන එක.. රටා හදුන ගන්න වගේම ප්රවණතා හදුනගන්නත් මේ දත්ත විශ්ලේශනය මගින් පුලුවන් වෙනවා. සමාගම් වල ව්‍යාපාර ක්‍රියාකාරිත්වය, ගනුදෙනුකරුවන් රදවා තබා ගැනීම වගේ දේවල් අවබෝධ කරගන්න මේවා ප්‍රයෝජනවත් වෙනවා…
data scientist ලගේ සාමාන්‍ය වැටුප ගත්තොත් අවුරුද්දකට $117,345 ක්. ලංකා රුපියල් වලින් ගත්තොත් Rs 23,225,638.20 ක් විතර වෙනවා..
Harvard business review මේක හදුන්වන්නෙ “sexiest job of 21st century” කියලා..ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ වැටුප ගැන.
ඔයා මේ ක්ශේත්‍රයේ රැකියාවක් ලබාගන්න හිතන් ඉන්නවනම් ඔයාට ගණිතය,සංඛ්‍යා ලේඛන,පරිගණක විද්‍යාව සහ ක්‍රමලේඛනය ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනි.
පහළ තියෙන්නෙ මේකෙන් ලබාගන්න පුලුවන් රැකියා කිහිපයක්..
*Data Scintist
*Data Architect
*Business Interlligence Manager
*Data Engineer
*Data Analyst
*Business Analyst
Data science එහෙමත් නැත්තම් දත්ත විද්‍යාව කියන්නේ සංකීර්ණ දත්ත පිළිබදව අවබෝධයක් ලබා ගන්න උපකාරී වෙන තාක්ශණයක්.සමාගම් විසින් හැම දවසකම විශාල මුදලකින් දත්ත නිපදවනවා කියලා ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ.. ව්‍යාපාර දත්ත,විකුණුම් දත්ත,පාරිභෝගික පැතිකඩ තොරතුරු, සේවාදායක දත්ත සහ මූල්‍ය සංඛ්‍යා මේවට ඇතුළත් වෙනවා.
මේ data ගොඩක්ම තියෙන්නෙ huge data set එහෙමත් නැත්තම් විශාල දත්ත කට්ටල විදියට. ඉතින් data scientist ලගේ කාර්ය තමා මේ ව්‍යුහගත නොවන දත්ත ව්‍යුහගත දත්ත බවට පරිවර්ථනය කරන එක.. රටා හදුන ගන්න වගේම ප්රවණතා හදුනගන්නත් මේ දත්ත විශ්ලේශනය මගින් පුලුවන් වෙනවා. සමාගම් වල ව්‍යාපාර ක්‍රියාකාරිත්වය, ගනුදෙනුකරුවන් රදවා තබා ගැනීම වගේ දේවල් අවබෝධ කරගන්න මේවා ප්‍රයෝජනවත් වෙනවා…
data scientist ලගේ සාමාන්‍ය වැටුප ගත්තොත් අවුරුද්දකට $117,345 ක්. ලංකා රුපියල් වලින් ගත්තොත් Rs 23,225,638.20 ක් විතර වෙනවා..
Harvard business review මේක හදුන්වන්නෙ “sexiest job of 21st century” කියලා..ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ වැටුප ගැන.
ඔයා මේ ක්ශේත්‍රයේ රැකියාවක් ලබාගන්න හිතන් ඉන්නවනම් ඔයාට ගණිතය,සංඛ්‍යා ලේඛන,පරිගණක විද්‍යාව සහ ක්‍රමලේඛනය ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනි.
පහළ තියෙන්නෙ මේකෙන් ලබාගන්න පුලුවන් රැකියා කිහිපයක්..
*Data Scintist
*Data Architect
*Business Interlligence Manager
*Data Engineer
*Data Analyst
*Business Analyst
03.INTERNET OF THINGS (IoT)

Internet Of Things (IoT) කියන්නේ එකිනෙකා හා සම්බන්ධිත උපාංග ජාලයක්.මේ උපාංග වලට දත්ත හුවමාරු කරගැනිමේ හැකියාව එයාලට තියෙනවා. මේ උපාංග වයි ෆයි හරහා සම්බන්ධ කරලා එයාලා ඒවා පාවිච්චි කරන ආකාරය පිලිබද දත්ත බෙදා ගනු ලබනවා.
2025 වෙනකොට IoT බලයෙන් ක්‍රියාත්මක වෙන උපාංග බිලියන 41ට වඩා පාවිච්චි කරයි කියලා මේ වෙද්දි පුරෝකථනය කරලා තියෙනවා.
IoT විවිධ ආකාරයෙ උපාංග අතර සම්බන්ධතාවය ලගා කරනවා විතරක් නෙමේ, ඒ උපාංග remote access කරන්නත් පහසුකම් සලසනවා. උදාහරණ ගත්තොත් ඔයාගේ කාර් එකේ දොරවල් remotely lock කරන්න,ඔයාගේ අවන් එක සහ ග්රීසර් එක රත් කරන්න කියන කාර්යන් වලට. ඒවගේම තමා අපේ ඇගේ දහනය වෙන කැලරි ගණන සොයාගන්න අපි භාවිත කරන FitBit එකත් ක්‍රියාත්මක වෙන්නෙ IoT තාක්ශණය මගින්.
ඉතින් ඔයා මේ තාක්ශණය ඉගෙනගන්නවනම් ඔයාට මේ රැකියාවකට ලගා වෙන්න පුලුවන්.
*IoT Software Developer
*System Design Engineer
*IoT Product Manager
*IoT Research Developer
*IoT Solution Architect
04.BLOCKCHAIN

Blockchain කියන්නෙ ක්‍රිප්ටෝකරන්සි වගේ ඉලෙක්ට්‍රොනික මුදල් වලට බලය සපයන පදනම් තාක්ශනයක්. කෙටියෙන් කිව්වොත් විවිධ පරිශීලකයන් අතර බෙදාගන්න පුලුවන් විද්‍යුත් ලෙජරයක්. වෙනස් කරන්න බැරි ගනුදෙනු පිලිබද වාර්ථාවක් නිර්මාණය කරන්න මේක උපාකාරී වෙනවා.
මේ ලෙජරයට අලුත් ගනුදෙනුවක් එකතු කරන හැම අවස්ථාවකම ඒක ගනුදෙනු දාමයේ තවත් කොටසක් ලෙස ගබඩා වෙනවා(it is stored as another block in the chain of transactions). මේකට blockchain කියල නම සකස් වෙන්නෙත් මේකෙන්. මේ ලෙජරයට දායක වෙන හැම පාර්ශවයක්ම එකග උනාට පස්සෙ blockchain update වෙනවා. මේක කාටවත් මකලා දාන්න බැහැ. ඒක නිසාම මේ තාක්ශණය සත්‍ය වගේම සුරක්ශිත තාවයෙන් යුක්ත වෙනවා.
ඒවගේම මේ ගනුදෙනු වලංගු කරන්න තෙවන පාර්ශවයකට ගෙවන්න අවශ්‍ය නැති නිසා සමාගම් වල පිරිවැය අඩු කරගන්නත් මේක උපකාරී වෙනවා.blockchain නිසා ගනුදෙනු නිරීක්ශණය කිරීමේ පහසුවකුත් ඇතිවෙනවා.
මේ හේතු නිසාම blockchain පහත සදහන් පරිදි දක්ශතාවයෙන් ඉහළ විවිධ රැකියා අවස්ථා බිහි කරනවා.
*Blockchain Developers
*Blockchain Quality Engineer
*Blockchain Legal Consultant or Attorney
*Blockchain Engineer
05.ROBOTIC PROCESS AUTOMATION (RPA)

RPA කියන්නේ කෘතීම බුද්ධියට සමානව දෛනික කාර්යන් ස්වයංක්‍රීයව කරගන්න භාවිත කරන තාක්ශණයක්. මේකෙදි software පාවිච්චි කරනවා ඊ මේල් හසුරවන්න වගේම පිලිතුරු යවන්න,ගනුදෙනු සකසන්න වගේම ව්‍යාපාර දත්ත හසුරවන්න වගේ කාර්යන් ස්වයංක්‍රීයව සිදු කරන්න.
මේ තාක්ශණය පහළ මට්ටමේ සේවකයින්ගේ ඉදල ඉහළ නිලධාරින් දක්වා කාර්යන් ස්වයංක්‍රියව සිදු කරන්න යොදා ගන්නවා. මේ RPA එකට දෛනික කටයුතු වලින් 40%ට වඩා ස්වයංක්‍රීයව සිදු කිරීමේ හැකියාවක් පවතිනවා.
Mckinsey කියන විදියට පුනරාවර්ථන කාර්යන් වලින් 60%ට වඩා වැඩි ගණනක් RPA පාවිච්චි කරල අර්ධ වශයෙන් ස්වයංක්‍රීයව සිදු කරන්න පුලුවන්. ඉතින් මේ තාක්ශණය ඉස්සරහට රැකියා දහස් ගණනකට තර්ජනයක් වෙන්න පුලුවන්.
අනිත් පැත්තෙන් ගත්තොත් ස්වයංක්‍රීය අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන සුවිශේශී තාක්ශණයක් කියලත් කියන්න පුලුවන්.
RPA tools සපයන ජනප්‍රිය විකුණුම්කරුවන් ගත්තොත්,
Pega Systems,Blue Prism,Uipath,Automation Anywhere,WorkFusion.
Accenture,Deloitte වගේම Capgemini කියන සමාගම් එයාලගෙ දෛනික කටයුතු සිද්ද කරන්න RPA tools භාවිත කරනවා.මේ නිසාම RPA සදහා දක්ශ වෘත්තිකයින්ට ඉල්ලුම ගොඩක් ඉහළයි.
RPA රැකියා කිහිපයක් පහතින්.
*RPA Developer
*RPA Business Analyst
*RPA Consultant
*RPA Solution Architect
*RPA Project Manager
06.VERTUAL REALITY

VR කියන්නෙ අපිට පුදුම හිතෙන ඇත්ත වගේ පෙනෙන පරිසරයක හැගීමක් දැනෙන තාක්ශණයක්.මේක පාවිච්චි කරනවා පරිගණක තාක්ශණයට අනුකරණය කල පරිසරයක් නිර්මාණය කරන්න.මේක පරිගණක ක්‍රීඩා සදහා ජනප්‍රිය තාක්ශණයක්.මේක සාමාන්‍ය ඩිස්ප්ලේ එකක් දිහා බලන් සෙල්ලම් කරනවා වගේ නෙමේ, ඒක ඔයා ක්‍රීඩාව ඇතුලෙ ඉන්නවා වගේ හැගීමක් ඇති කරනවා.
ස්පර්ශය,ඇසීම,සුවද, දර්ශණය වගේ සංවේදනයන් මේ පරිසරය ඇතුලේ අනුකරණය කරනවා.VR gear hedset පාවිච්චි කරලා ඔයාට ඒ ත්‍රිමාණ ලෝකේ ඇවිදින ගමන් සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා.
මේ ක්ශේත්‍රයේ ප්‍රධානම ක්‍රීඩකයො වෙන්නෙ facebook’s Oculus Rift, Sony’s PlayStation VR(PSVR), වගේම HTC Vive.
මේ VR තාක්ශණය විනෝදාස්වාදය වෙනුවෙන් විතරක් නෙමේ, US නාවික හමුදාව සහ වෙරළාරක්ශක හමුදාව තමන්ගේ කාර්ය මණ්ඩලය පුහුණු කරන්නත් මේ තාක්ශණය යොදාගනු ලබනවා.එයාල ඒකට VitualShip කියන VR ක්‍රීඩාවක් භාවිත කරනවා.ශල්‍යකර්ම වලදි වෛද්‍ය වරුන්ද AR, VR කියන තාක්ශණයන් යොදාගනු ලබනවා.
VR industry එක මේ වසර (2021) වෙද්දි ඩොලර් බිලියන 40කට ආසන්න වෙයි කියලා අපේක්ශා කරල තියෙනවා.
ඔයාලට හොයලා බලන්න පුලුවන් VR Jobs ටිකක් පහලින් දාන්නම්.
*Content Producer
*AR and VR Content Writers
*Product management
*Software Engineer
*UI and UX Design
*Quality Assuarance
07.EDGE COMPUTING

දවසින් දවස ජනප්‍රිය වෙමින් තියන තාක්ශණයක් තමා Edge Computing කියන්නේ. මේ තාක්ශණය පදනම් වෙලා තියෙන්නෙ පරිගණක බලය දත්ත ප්‍රභව වලට සමීප කරවන ඩිස්ප්ලේ වල.
මේ තාක්ශණය අරමුණු කරන්නේ cloud වල අඩු ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරීමක්.මේ තාක්ශණය මගින් cloud computing සහ IoT tools වේගවත් කරනවා.
2022 වෙනකොට edge computers වල වෙලදපොල වටිනාකම ඩොලර් බිලියන 7ක් විතර වෙයි කියල ගණන් හදලා තියෙනවා. සෞඛ්‍ය සේවා,සිල්ලර වෙලදාම, සහ නිශ්පාදන වගේ ක්ශේත්‍ර වල මේ තාක්ශණය ජනප්‍රිය වෙයි කියල වගේම රැකියා අවස්ථා ගොඩකට දොරටු විවෘත කරයි කියල අපේක්ශා කරනවා.
salery range එක ගත්තොත් වසරකට $100,400 – 123,000 අතර අගයක් ගන්නවා. ලංකා රුපියල් වලින් ගත්තොත් Rs 19,997,893.20 ඉදලා Rs 24,474,909.00 අගයක් ගන්නවා.
08.INTERLLIGENT APPS

Interlligent Apps කියන්නෙ AI සංරචක භාවිත කරන machine learning, deep learning, data analyst, robotics, natural language processing කියන මෘදුකාංග යෙදුම්. තත්කාලීන දත්ත හෝ ඓතිහාසික දත්ත පදනම් කරගෙන තීරණ ගන්න ඒවා උපකාරී වෙනවා.
Interlligent Apps වලට උදාහරණ වෙන්නෙ Siri, google assistant and alexa.
Google,Apple,Oracle වගේ සමාගම් මේ යෙදුම් වලට දිගටම ආයෝජනය කරන නිසා එමගින් අනාගතයේදි රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙයි කියල අපේක්ශා කරනවා.
……………
වර්ථමානය වෙද්දි මේ තරගකාරී තොරතුරු තාක්ශණය තුළ රස්සාවක් හොයාගන්න එක අපහසු දෙයක් වෙලා තියෙනවා. ඒත් ඔයා මේ අලුත් තාක්ශණයන් ඉගෙනගන්නවනම් ඔයාට අනිවාරෙන්ම ඔයාගේ සිහිනයට, රැකියාවට නිකම්ම යන්න පුලුවන්. ඉතින් ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය ඕනම තාක්ශණයන් ඔයාට පහසුවෙන් online හරහා හොයලා ඉගෙනගන්න පහසුකම තියෙනවා..
Article written by Chamika Sahan Samarakoon










Leave a Reply
View Comments